නුදුරේදීම එන නවතම Honor දුරකථන දෙක මෙන්න

0
535
Image Copyright: Huawei Advices

Huawei සමාගමේ තවත් අනු සන්නාමයක් වන Honor යටතේ නිකුත් වූ බොහෝ දුරකථන ලෝකයේ ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොළ තුළ විශාල ජනප්‍රියත්වයක් දිනාගැනීමට සමත් වී තිබෙනවා. ඒ Honor දුරකථන වල අඩංගු ගුණාත්මක බවයි. ඉතින් Honor සන්නාමය යටතේ නිකුත් වීමට නියමිත මීළඟ Flagship ස්මාර්ට් ජංගම දුරකථනය පිළිබඳව මේ වනවිට ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව Honor V30 සහ Honor V30 Pro ලෙසින් මෙම නවතම දුරකථන ද්විත්වය ඉදිරියේදී නිකුත් වීමට නියමිතයි.

Honor V30 සහ Honor V30 Pro දුරකථන ද්විත්වයේම තිරයන් ප්‍රමාණයන් එක සමානයි. එනම් මෙම දුරකථන ද්විත්වයටම අඟල් 6.57ක තිරයක් සතු වෙනවා. ඒ වගේම මෙම දුරකථන ද්විත්වයේම ඉදිරිපස සහ පසුපස කැමරාවන් පෙනුමෙන් එක සමාන වන අතර මෙම දුරකථන ද්විත්වයේම ඉදිරිපස කැමරා “Dual Selfie” තාක්ෂණයෙන් යුක්තව නිර්මාණය කර තිබෙනවා. මෙම දුරකථන ද්විත්වයේම Selfie කැමරා පද්ධතිය 32-megapixel කැමරාවකින් සහ 8-megapixel telephoto lens එකකින් සමන්විතයි. මෙහි ඇති සුවිශේෂී කරුණ නම්, මෙම Selfie කැමරා පද්ධතීන් නිර්මාණය කර ඇත්තේ Samsung Galaxy S10+ දුරකතනයේ ඉදිරිපස කැමරාවේ පෙනුමට බොහොම සමානවයි.

Image Copyright: Press From

ඒ වගේම මෙම දුරකථන ද්විත්වයේම ප්‍රධාන කැමරා එකිනෙක තරමක් වෙනස් වන අතර Honor V30 දුරකථනයේ 40-megapixel ප්‍රධාන කැමරාවක්, 8-megapixel telephoto lens එකක් සහ 8-megapixel wide-angle lens එකක් සමන්විත වෙනවා. එමෙන්ම V30 Pro දුරකථනයේ 40-megapixel ප්‍රධාන කැමරාවක්, 8-megapixel telephoto lens එකක් සහ 12-megapixel wide-angle lens එකක් සමන්විත වෙනවා.

මෙම දුරකථන ද්විත්වයේත් දකුණුපස දාරයේ Finger Print Sensor එක නිර්මාණය කර ඇති අතර මෙම දුරකථන ද්විත්වයම 5G, 4G LTE යන තාක්ෂණයන්ට අනුව නිර්මාණය කර තිබීම මෙම දුරකථන ද්විත්වයේ ඇති තවත් සුවිශේෂී කරුණක් ලෙස දැක්විය හැකිය. එමෙන්ම Honor V30 දුරකථනය 6GB RAM, 128GB Memory එකකින් සහ 8GB RAM, 128GB Memory එකකින් යන ආකාර ද්විත්වයකින් සහ Honor V30 Pro දුරකථනය 8GB RAM, 128GB Memory එකකින් සහ 8GB RAM, 256GB Memory එකකින් යන ආකාර ද්විත්වයකින් සමන්විත වන බව සඳහන්. 

මෙම දුරකථන දනටමත් Pre-order කිරීමට හැකියාව ඇති අතර එළඹෙන දෙසැම්බර් 5 වනදා සිට චීනයේදී නිලවශයෙන් Honor V30 සහ Honor V30 Pro දුරකථන වල විකුණුම් ආරම්භ කිරීමට නියමිතයි.