ලෝකයේ ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වූ කාලයටත් කලින් Google ආයතනය ඔවුන්ගේ මීළඟ Pixel දුරකථනය සුදානම් කර ඇති බවට අන්තර්ජාලය සහ තාක්ෂණික ලෝකයේ දැවැන්තයන් අතර අලුත්ම පුවතක් හුවමාරු වෙනවා. ඒ නවතම Pixel 4 සහ Pixel 4 XL දුරකථන ද්විත්වයයි.
ලෝකයේ දුරකථන ලීක් වීම පිළිබඳව මුලින්ම කියන “Steve Hemmerstoffer”, මෙවරත් සුපුරුදු පරිදි මීළඟ Pixel දුරකථනය ගැන කියා තිබෙනවා. “OnLeaks” නමැති වෙබ් අඩවියේ මේ පිළිබඳව තොරතුරු රැසක් වාර්තා වෙනවා. එහි දැක්වෙන පරිදි Pixel 4 XL දුරකථනය අඟල් 6.25 ක තිරයක් සහ දුරකතනයේ ප්රමාණයන් ලෙස 160.4 x 75.2 x 8.2mm, දක්වා ඇති අතර Samsung Galaxy S10 Plus දුරකථනය සමඟින් සංසන්දනය කිරීමේදී මෙම Pixel 4 XL දුරකථනය S10 Plus දුරකථනයට වඩා ප්රමාණයෙන් විශාලයි.

මෙම දුරකථන වල ඉහල සහ පහල ඉතා සිහින් Bezels දැකගැනීමට පුළුවන් වුවත් අනෙකුත් දුරකථන වලට සාපේක්ෂව මෙහි තිරය වැඩි ප්රමාණයක් පවතිනවා. Pixel 4 XL දුරකථනයේ ඉදිරිපස ඉහල කොටසේ සෙල්ෆි කැමරා යුගලයක් සහ සෙන්සර්ස් (Sensors) ද්විත්වයක් අඩංගු වෙනවා. නමුත් මේ වනතෙක් එහි ඇති “Sensors” පිළිබඳව විශේෂ යමක් සඳහන් වෙන්නේ නැත.

මෙහි දැකගැනීමට ඇති සුවිශේෂී දෙයක් නම් මෙම දුරකතනයේ දකුණුපස ඇති විවරයි. එය කුමක්දැයි මෙතෙක් නිශ්චිතව සඳහන් කිරීමට නොහැකි නමුත් සමහරවිට දුරකථනය ස්පර්ශ නොකර ක්රියාකරවීමට හැකි “Soli Radar” සඳහා වීමට බොහෝ ඉඩකඩ පවතිනවා. මම දුරකතනයේ පිටුපස වීදුරු වලින් නිමවා ඇති අතර මෙහි පිටුපස ඇති කැමරා මඟින් අංශක 360 (360-degree video) ක වීඩියෝ ගැනීමට පවා හැකියාව පවතිනබව අන්තර්ජාල පුවත් වාර්තා කරනවා.

කොහොම වුවත් ඉහත සඳහන් තොරතුරු දැනට අන්තර්ජාලය තුළ ඇති ප්රධාන කරුණු කිහිපයක් වන අතර මේ වනතෙක් Google සමාගම විසින් මෙම තොරතුරු තහවුරු කර නැත. ඒ වගේම නුදුරේදී නිකුත් වීමට නියමිත මෙම අලුත්ම Google Pixel දුරකථනය ඉතාමත් සුවිශේෂී වෙනස්කම් රැසකින් දැකගැනීමට හැකිවේයැයි සිතිය හැකිය.