PS5 වලට අළුත් VR controllers.

0
165

ඔන්න දැන් Sony සමාගම ඔවුන්ගේ අලුත් product එකක් reveal කරලා තියෙන, ඒ තමයි PS5 එකට එන අලුත්ම VR controllers. ඉතින් මේ අලුත් controllers orb-shaped controllers වෙනවා. ඒ වගේම DualSense PS5 controller එකේ වගේම මේ controllers වලත් adaptive trigger technology එක බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ හැම controller එකකම tensions triggers බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් Sony සමාගමට අනුව ඔවුන් මේ technology එක future VR games වලට use කරන්න බලාපොරොත්තු වෙනවා. 

ඉතින් මේ අලුත් controllers වල haptic feedback සහ finger touch detection බලාගන්න පුළුවන් වෙනවා. මේ finger touch detection වලින් automatically fingers detect කරගන්නවා. ඉතින් මේ නිසා thumb, index නැත්නම් middle finger එක rest කරන areas press කරන්න ඕනේ නැති වෙනවා. ඉතින් මේ නිසා gameplay එකක් අතරතුරේදී අත් දෙක natural gestures වල තියාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම Naturally මේ controllers Sony සමාගමේ අලුත්ම VR headset track කරනවා, ඒ controller එකේ යට තියෙන්න ring එකෙන් වෙනවා. ඉතින් අපි මේ අලුත් controllers දිහා බැලුවම මේ controllers කලින් තිබුණු PS Move controllers වලට වට improve කරලා තියෙනවා.

ඉතින් Sony සමාගමට අනුව මේ අලුත් controllers වල Prototypes මුලින්ම development community එකට දෙන බැවි. ඉතින් Sony සමාගම තම ඔවුන්ගේ PS5 එකට එන්න next-gen VR headset වල design එක එලියට දල නෑ. ඒ උනත් සමාගම මේ අලුත් VR headset ගැන අපි hits කිහිපයක් දීල තියෙනවා, ඉතින් මේ දීල තියෙන hits තමයි improved field of view, resolution සහ single cord (to make it easier to use).