#Motorola සමාගමේ නවතම ජංගම දුරකථනය අද දින නිකුත් වූවා. අඟල් 4.3ක ප්‍රමාණයකින් යුත් මෙහි තිරය 960x540p වේ. 1.2GHz ප්‍රොසෙසරයකින් බල ගැන්වෙන මෙහි RAM මතකය 1GB වේ. 5MP කැමරාවක් සහිත නව #Moto E දුරකථනයේ බැටරිය 1,980mAh ධාරිතාවයකින් යුක්තවේ. එමෙන්ම #Android 4.4.3 #KitKat මෙහෙයුම් පද්ධතිය මේ දුරකථනයට ඇතුලත් වේ.
ඩොලර් 129 ($129) ක් වැනි සුළු මුදලකට මිලදී ගත හැකි මේ ජංගම දුරකථනය මිලෙන් අඩු වුවත් කිසි ලෙසකින්වත් ගුණාත්මක බවින් නම් අඩුවක් නැහැ. සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ අප භාවිතා කරන අංග සියල්ලක්ම පාහේ වඩාත් හොඳ මට්ටමකින් ක්‍රියාත්මක කළ හැකි ලෙසයි මේ දුරකථනය නිර්මාණය කර ඇත්තේ. එසේ තිබියදීත් මෙවැනි මුදලකට නව Moto E ජංගම දුරකථනය ලබා දිය හැක්කේ අනවශ්‍ය සියලුම අංග ඉවත් කර ඇති නිසාත්, ප්‍රචාරණ කටයුතු සඳහා වැයවන මුදල බොහෝ සෙයින් අඩු කර ඇති නිසාත් ය.
[signoff predefined=”Syco Me Facebook Like”][/signoff]