Google ආයතනය මඟින් සංවිධානය කරන ලද Google Business Group Success Stories තරඟයේ රටවල් 56ක තරඟකරුවන් 317ක් අතුරින් ප්‍රථම ස්ථානය ලබාගැනීමට ලාංකික නිර්මාණයක් වන Mogo Reader ඇන්ඩ්‍රොයිඩ් යෙදුම (app) සමත් වී ඇත.
තාක්ෂණික ලෝකයේ නැඟී එන ව්‍යාපාරිකයින් ඇගයීමක් ලෙස සංවිධානය කල මේ තරඟයේදී ව්‍යාපාරයේ නවමු බව, ව්‍යාපාරයේ පැවැත්ම වගේම එම ව්‍යාපාරයේ කෙතරම් දුරට ඉහළ නැංවීමට හැකිද, ව්‍යාපාරය පසුපස සිටින අය සහ මෙතෙක් ව්‍යාපාරය පැමිණ ඇති ආකාරය ගැන සලකා බලා ලකුණු පිරිනැමීම සිදුකර ඇත. ඒ වගේම අවසන් වටය සඳහා මනාප වටයක් පැවති අතර ඒ වටයේදී Mogo Reader හා එහි නිර්මාතෘන් පිළිබඳව Google සමාගම විසින් නිර්මාණය කරන ලද වීඩියෝ පටයට හිමි මනාප ගණන සැලකිල්ලට ගන්නා ලදී.
සරලම කියතොත් Mogo Reader මඟින් සිදුකෙරෙන්නේ දිනපතා පළවන ප්රවෘත්ති පහසුවෙන් කියවිය හැකි මෘදුකාංගයක්. එහි විශේෂත්වය නම් ඔබට කැමති පරිදි අවශ්‍ය ප්රවෘත්ති පමණක් සොයාබැලිය හැකි වීමයි. උදාහරණයක් විදියට ඔබ ක්‍රීඩා පුවත් වලට කැමති කෙනෙක් නම් ලංකාව පුරා විවිධ පුවත් මූලාශ්‍ර වලින් ක්‍රීඩා පුවත් වෙන්කර ඔබට ලබාදීමට Mogo Reader හට හැකියාව තිබෙනවා.

“මේ ගෙවෙන්නේ ලංකාවේ startup සම්ප්රදායේ විශාල පිබිදීමක් ඇති අවධියක්. ලැප්ටොප් එකක්, අන්තර්ජාල සම්බන්ධතාවක් පමණක් තිබෙන කෙනෙකුට වුනත් අද පෙරළිකාර නිර්මාණ සිදුකරන්නට හැකියාව තියෙනවා. ඒ නිසා ඔබේ අදහසත් අදම ක්‍රියාවට නංවන්න. මීලඟ ස්ටීව් ජොබ්ස්, මාක් සකර්බර්ග්, බිල් ගේට්ස් අපට ලංකාවෙන් බිහිකරන්න පුළුවන්. ඒකට කාගෙන්වත් බාධාවක් නැහැ.”
මේ ජයග්‍රහණයත් සමඟ ජාත්‍යන්තර වෙළඳපල හා තරඟකිරීමට හැකියාව ඇති නිර්මාණ බිහිකිරීමට තමන් බලාපොරොත්තු වන බව Mogo Reader හි නිර්මාතෘවන විමුක්ති ලියනගේ අප වෙත පවසා සිටියා.
විමුක්ති ලියනගේ හා ෂමීර වීරසිංහ යන තරුණයින් දෙපළ විසින් පවත්වාගෙන යන Mogo Solution Private Limited සමාගම මීට පෙර දෙස් විදෙස් ආයෝජකයින්ගේ දායකත්වයෙන් පැවැත්වෙන Venture Engine තරඟයේ අවසන් වටයට තේරී පත්ව මූලික ප්‍රග්ධනය ලබාගැනීමට සුදුසුකම් ලැබුවා.

මේ ජයග්‍රහණය නිසාවෙන් ලංකාව තුල තාක්ෂණික දියුණුව ඇති කිරිම සඳහා GBG Sri Lanka එකමුතුව වෙනුවෙන් ද මූල්‍යමය ආධාර සපයා දෙන බවයි Google ආයතනය පවසන්නේ.
පසුගිය දවසක සිංහල භාෂාව Google Translator වෙත එක්වීමත්, Android Lollipop සදහා සිංහල භාෂාව සහාය දැක්වීමත්, Google Street View මෝටර් රථ ලංකාවට පැමිණිමත් වැනි කාරණා සලකන කල තාක්ෂණික ලෝකය තුල මේ පුංචි ලංකාව හිමිකරගෙන ඇති තැන පිළිබඳව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
Yeah mama hithuwa apita oka ganna puluwan weiy kiyala
Great work guyz, congratz!
Congrats !
well done bro proud about you!!!
KIT Bro..(y)
ela ela…ape kollek…!
Niyamai Kollo. Elaz
this is wht we need…. congratz … (y)
This is really good. But as a user of Flipboard, It seems the UI behaves just like Fliboard. Anyway good job!
all the best my friend
Comments are closed.