ශ්‍රී ලංකා ක්‍රිකට් පිලෙහි ප්‍රබල පිතිකරුවෙකු වූ මහේල ජයවර්ධන විවාහයෙන් වසර අටකට පසු පිය පදවිය ලබා ඇත.
පසුගිය දෙසැම්බර් තුන්වනදා මහේල – ක්‍රිස්ටිනා යුවලට දාව සිඟිති දියණියක් උපත ලබා ඇත. 2005 වසරේ නොවැම්බර් මස 03 වනදා මහේල විවාහ වුයේ ක්‍රිස්ටිනා සිරිසේන සමගිනි.
වසර අටකට පසු පියපදවිය ලැබූ මහේල ජයවර්ධන ඒ වෙනුවෙන් පාකිස්තානය සමගින් ඩුබායි, අබුඩාබි හා සාජාහි පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත විස්සයි-20 තරගාවලිය හා තරග පහකින් සමන්විත එක්දින තරගාවලියට සහභාගී වීමෙන් වැළකුණි.
මහේල ජයවර්ධන තවමත් සිය දියණියගේ ජායාරූපයක් මාධ්‍යයට නිකුත් කර නොමැත. මහේල සිය දියණියගේ උපත සඳහන් කල ට්විටර් පණිවුඩය පහතින් බලන්න.
Hi guys. Am absolutely thrilled to announce that my wife Christina & I had a beautiful baby daughter on Tuesday Dec. 3rd. #feelingblessed
— Mahela Jayawardena (@MahelaJay) December 5, 2013