Facebook නිර්මාතෘ Mark Zuckerberg විසින් පසුගිය සිකුරාදා දිනයේදී සදහන් කර ඇති පරිදි ඔහු මාස දෙකක පීතෘත්ත්ව නිවාඩුවක් ගැනීමට සැලසුම් කර ඇත. ඒ ඔහු හා ඔහුගේ බිරිඳ doctor Priscilla Chan ගේ සිගිති දියණියගේ උපත වෙනුවෙන්. FaceBook පනිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා ඇත්තේ “outcomes are better for children and families, when working parents take time off to be with their newborns” … “This is a very personal decision, ..” කියාය. එනම්, “අලුත ඉපදුන තම දූ දරුවන් සමග කාලය ගතකිරීමට කාර්යබහුල දෙමාපියන් වෙලාව වෙන්කරනවානම් එහි ප්‍රතිඵලය දරුවන්ට සහ පවුලට ඉතා සුබදායකය” යන්නය. තීරණය ඉතාමත් පෞද්ගලික ලෙසද දක්වා තිබිණි.

fb3

පසුගිය ජූලි මාසයේදී Mark ප්‍රකාශයට පත්කලා ඔහු සහ බිරිඳ අවාසනාවන්ත ගබ්සා තත්වයකට පසුව මෙම සිගිති ඳියණිය පිළිබඳව අපේක්ෂාවෙන් පසුවන බව. සිකුරාදා පළ කිරීමට අනුව Mark කියාසිටියේ යුවල පවුලේ නව සාමාජිකාවගේ පැමිණීම සදහා සූදානම් වන බවය. නමුත් ඇය පැමිණෙන්නේ කවදාද යන්න හරියටම ඔහු විසින් කල සදහනෙහි දක්වා නොමැත. එසේම එහි සදහන් පරිදි Menlo Park, California, U.S මූලික කරගත් Facebook විසින් එහි සේවය කරන්නා වූ ඇමෙරිකානුවන්ට මාස 4 ක් දක්වා දිවෙන සහ අවුරුද්ද මුළුල්ලේම වලංගු, ගෙවීම් සහිත මාතෘත්ත්ව හෝ පීතෘත්ත්ව පදවි නිවාඩු ක්‍රමයක්ද පිරිනමා ඇත.

fb2

එලෙසම ඇමෙරිකානු ප්‍රධාන සමාගම් කිහිපයක් මෙලෙස මෙම නිර්ලෝභී වරප්‍රසාද සහ ප්‍රතිලාභ මව් හෝ පිය පදවි ලබන තම සේවකයන්ට ලබාදෙනු ලබයි. Netflix විසින් පසුගිය අගෝස්තු හිදී තම ඇමෙරිකානු සේවකයන්ට ගෙවීම් සහිත අවුරුද්දක නිවාඩුවක් ලබා දෙන බව ප්‍රකාශ කර ඇත. එමෙන්ම Adobe Systems සහ Microsoft යන සමාගම් ද මෙලෙස මාතෘත්ත්ව හෝ පීතෘත්ත්ව බව කෙරෙහි ස්නේහවන්තව ක්‍රියාකරන බව සදහන්ය.

පහතින් දැක්වෙන්නේ ඔහු විසින් ප්‍රසිද්ධ කල ප්‍රකාශයයි. Mark සහ Chan යුවල කෙතරම් මෙයට සූදානම් වෙනවාදැයි ඔබට මෙම ජායාරූපය නැරබීමෙන්ම අවබෝධ කරගත හැකියි.

fb1