වඳුරකු අභ්‍යවකාශයට යැවීමේ සිය සැලසුම ඉතා සාර්ථකව නිම වූ බව ඉරානය නිවේදනය කර අතැයි විදෙස් වාර්තාවල දැක්වේ. ඔවුන් මෙලෙස වඳුරකු අභ්‍යාවකාශගත කළ දෙවැනි අවස්ථාව මෙය බවද පැවසේ. මිනිසකු සහිත යානයක් අභ්‍යවකාශ ගත කිරීමේ මූලික සැලැසුම ලෙස මෙය ක්‍රියාවට නැංවූ බවද ඉරානය පවසා තිබේ.
ඉරාන් ජනාධිපති හසන් රොහානි (Hassan Rouhani) ප්‍රකාශ කර ඇත්තේ ‘ෆර්ගම්’(Fargam) යනුවෙන් නම් කෙරුණ වඳුරා ඉතා හොඳ ශරීර සෞඛ්‍යයෙන් යළි පෘථිවියට ලඟා වූ බවයි. ජනාධිපතිවරයා පවසන ආකාරයට වඳුරා අභ්‍යවකාශ ගත කෙරුණේ, දියර ඉන්ධන මගින් ක්‍රියාත්මක කෙරෙන රොකට් යානයකිනි.
ඉරානය ඔවුන්ගේ අභ්‍යවකාශ චාරිකා සඳහා දියර ඉන්ධන මගින් ක්‍රියාත්මක කෙරෙන රොකට් යානයක් යොදා ගත් පළමු අවස්ථාව මෙය බවද පැවසේ. ඉරානය ඔවුන්ගේ අභ්‍යවකාශ සැලසුම් දුර ප්‍රහාර එල්ල කළ හැකි බැලස්ටික් (ballistic) මිසයිල නිපදවීමට යොදා ගනු ඇතැයි සලකන බටහිර ලෝකය, එම වැඩ පිළිවෙල සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇත. පසුගිය දෙසැම්බර් 14, වැනිදා පස්වරු 1.30 ට තම අභ්‍යවකාශ යානය සඳ මත සාර්ථකව ගොඩ බැස්සා චීනය සඳ ජයගැනීමේ මෙහෙයමුම මේවන විට සාර්ථක කරගෙන තිබේ.