ඉහළින් තිබෙන පින්තූරය ඇත්ත වශයෙන්ම ඡායාරූපයක් නම් නෙවෙයි. විශ්වාස කරන්න පුලුවන්ද මේ iPad එකෙන් අතින් ඇඳපු චිත්රයක් කියලා. එක්සත් රාජධානියේ Kyle Lambert නම් චිත්ර ශිල්පියා විසින් පැය 200කට අධික කාලයක් තිස්සේ අඳින ලද චිත්රයකි. Procreate නම් iPad app එකක් තමයි මේ සඳහා භාවිතාකර තිබෙන්නේ. මේ තාත්වික චිත්රය නිර්මාණය කිරීම සඳහා 285000 වතාවක් පමණ විවිධ ආකාරයේ පින්සල් යොදාගෙන තිබෙනවා. Kyle විසින් මෙලෙස නිර්මාණය කොට ඇත්තේ සුප්රකට හොලිවුඩ් නළු Morgan Freeman ගේ චිත්රයකි. iPad ඇසුරෙන් නිර්මාණය කරන ලද ඔහුගේ තවත් නිර්මාණ සඳහා මෙතැනින් පිවිසෙන්න. iPad යොදාගනිමින් චිත්රනිර්මාණය පිළිබඳ Tutorial සඳහා මෙතැනින් පිවිසෙන්න. Procreate app මේ වන තෙක් ඇන්ඩ්රොයිඩ් සඳහා සහය නොදක්වන මුත්, එවැනි Android app කිහිපයක් පිළිබඳ විස්තර මෙතැනින් ලබාගත හැක.
ඉහතින් දැක්වූ තාත්වික චිත්රය නිර්මාණයවුණු අයුරු දැක්වෙන සම්පූර්ණ වීඩියෝව.
lunette de soleil ray ban
විශ්වාස කරන්න පුළුවන්ද මේ iPad චිත්රයක් කියලා | Syco Me
lunette de soleil ray ban pas cher
විශ්වාස කරන්න පුළුවන්ද මේ iPad චිත්රයක් කියලා | Syco Me
lunettes oakley pas cher
විශ්වාස කරන්න පුළුවන්ද මේ iPad චිත්රයක් කියලා | Syco Me
Comments are closed.