සත් මසකට පෙර Nasa ආයතනය මගින් අඟහරු ග්‍රහයා වෙත යවනු ලැබූ “InSight” රොබෝ යානය ඊයේ දිනයේදී සාර්ථකව ගමනාන්තය කරා ලඟා වී තිබෙනවා. අඟහරු තුල සැඟව ඇති තොරතුරු ගවේෂණය සඳහා මෙම රොබෝ යානය වසර දෙකක පමණ කාලයක් අඟහරු මත සිටි. අතීතයේ සිට අඟහරු ග්‍රහයාට ලඟාවීමට යොදාගත් සාර්ථකම අවස්ථාවක් වශයෙන් මෙය හැඳින්විය හැකිය.

අඟහරු තුල පවතින පරිසර තත්වයන් ජීවයක් පැවතීමට හිතකර ද යන්න සහ එහා සමාන පරීක්ෂණ රාශියක් සිදු කිරීමට මෙම රොබෝ යානය බලාපොරොත්තුවෙන් සිටි. “InSight” රොබෝ යානය අඟහරු ග්‍රහයාගේ මතුපිට සහ අභ්‍යන්තර සිදුකෙරෙන පරීක්ෂණයන්ට සමගාමිව “MarCO” නමැති චන්ද්‍රිකා යානය අඟහරු ග්‍රහයා වටා ඇති තොරතුරු ලබාගැනීමට ද කරයුතු සුදානම් කොට පවතී.

අඟහරු මතට “InSight” රොබෝ යානය ළඟාවීමත් සමග එහා සිදු වූ සිදුවීම් Nasa ආයතන මගින් නිකුත් කරනු ලැබුවා.
“InSight” රොබෝ යානය මගින් නුදුරු අනාගතයේ දී අඟහරු ග්‍රහයාගේ ඇති සැඟවුණු තොරතුරු රාශියක් සහ අනාගත මානව සමාජයට නවතම තොරතුරු රාශියක් අනවරනය කරනු ඇත.