Hutch 4G ලංකාවම ආවරණය කරයි

0
2125
sdr

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සන්නිවේදන සමාගමක් වන Hutchison Telecommunication Lanka (Pvt) Ltd සමාගම එහෙමත් නැත්තම් අපි හැමෝම දන්නා Hutch සමාගමේ ඉතාමත් සුවිශේෂී කඩයිමක් සනිටුහන් කළා. ඒ මුළුමහත් ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි 4G තාක්ෂණයෙන් බලගැන්වීමයි. මෙහි  විශේෂත්වය වන්නේ, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ග්‍රාමසේවා කොට්ඨාශ 12000 කට අධික ප්‍රමාණයක් ආවරණය කර තිබීමයි.

මෙහිදී Hutch සමාගමේ ජ්‍යෙෂ්ට නිලධාරීන් දැනුම් දුන්නේ, මේ වනවිට ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින සියලුම පාරිභෝගිකයන් හට සුවිශාලතම සහ හොඳම 2G ,3G සහ 4G සේවාවන් සැපයීමට හැකියාව තිබෙන බවයි. ඒ අනුව ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින මිලියන ගණනක් වන පාරිභෝගික ප්‍රජාව හට දැනටමත Hutch සමාගම සේවාවන් සපයන අතර එය ප්‍රතිශතයක් ලෙස 95% කි. ශ්‍රී ලංකාව පුරා 4G තාක්ෂණයෙන් බලගැන්වීමෙහිලා සිදුකෙරෙණු සුවිශාල කරතව්‍ය සඳහා ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් 400කට වැඩි පිරිසක්, තාක්ෂණික සහයක කාර්යමණ්ඩල සහ රටවල් කිහිපයකින්ම පැමිණි විදේශ විශේෂඥයන් රැසකගේම එකමුතුවකින් වාර්තාගත ලෙස මාස 12ක කාලයකින් මෙම කර්තව්‍ය සම්පුර්ණ කර තිබීම සුවිශේෂී කරුණක්.

Hutch 4G වෙතින් සැලසෙන වාසි

මේ වනවිට Hutch 4G මඟින් ඉතා හොඳ සන්නිවේදන අත්දැකීමක් ලබාදෙන අතර, Hutch පාරිභෝගිකයන්ට Video සහ Gamaning සඳහා මෙමඟින් ඉමහත් පහසුවක් සැලසී තිබෙනවා. වත්මන් Hutch පාරිභෝගිකයන්ට කිසිඳු ගෙවීමක් තොරව පවත්නා අංකයම නව 4G අංකයක් ලෙසෙන් මාරු කරගැනීමට හැකියාව තිබෙනවා. මේ වනවිට නව 4G සිම්පත් අන්තර්ජාලය මඟින් හා ප්‍රදර්ශනාගාර වෙතින් ලබාගැනීමට හැකියාව පවතිනවා. එමෙන්ම 1788 අංකය අමතා නිවසටම තම සිම්පත ගෙන්වා ගැනීමට ද අවස්ථාව සලසා තිබෙනවා. තවද පහසු මිලට පවතින 3G Hutch Data පැකේජයම, 4G ජාලය සඳහාද භාවිතා කළ හැකිය.