Huawei සමාගම විසින් හඳුන්වාදුන් ” Nova ” මාදිලියේ දුරකථන ලාංකේය පාරිභෝගිකයන් අතර ඉතාමත් ජනප්‍රිය වූ අතර එම මාදිලියේ සියලුම දුරකථන ගෙවන අවම මිලට සාපේක්ෂව වැඩි වටිනාකමකින් යුක්ත වෙනවා. මෙම Nova දුරකථන මාදිලියට එකතුවන අලුත් සාමාජිකයා nova 4 ලෙස නම්කර තිබෙනවා. Huawei ශ්‍රී ලංකා ආයතනය 2019 සඳහා ඔවුන්ගේ නවතම Y මාදිලියේ දුරකථන සමඟ හඳුන්වාදුන් මෙම Huawei Nova 4 දුරකථනය මේ වනවිට කාගේත් කතාබහට ලක් වී තිබෙනවා. අද මෙම ලිපියෙන් Huawei Nova 4 දුරකථනය පිළිබඳව විමසා බලමු.
නවතම Huawei Nova 4 දුරකථනය.

Huawei සමාගම කවදත් ඔවුන්ගේ දුරකථන මාදිලි සඳහා නොයෙකුත් වෙනස්කම් සිදු කරන අතර මෙම හේතුව නිසාම Huawei දුරකථන පාරිභෝගිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වට පත් වී තිබෙනවා. Huawei විසින් මෙම දුරකථන එකිනෙකට වෙනස් ආකාර වලින් වෙළඳපොළට හඳුන්වාදීම ගුණාත්මක කරුණක් වශයෙන් හැඳින්විය හැකිය.
Nova දුරකථන මාදිලියට එකතුවීමට යන නවතම Nova 4 දුරකථනය ද අනෙකුත් Nova දුරකථන වලට වඩා සුපැහැදිලි වෙනස්කම් කිහිපයකින් සමන්විත වෙන අතර මෙම දුරකථනය නුදුරේදී ලංකේය වෙළඳපොළට නිකුත් වීමට නියමිතයි.
Huawei Nova 4 – Body එක සහ Design එක.

Mid Range ඝනයට අයත්වන මෙම දුරකථනය බැලූ බැල්මට Flagship දුරකථනයක සුපිරි බවක් දැකගැනීමට පුළුවන්. මෙම දුරකථනය විදුරු සහ මෙහි දාරයන් සඳහා මෙට්ල් (Metal) යොදාගෙන නිර්මාණය කර තිබෙන නිසා මෙම දුරකථනයට සුපිරි පෙනුමක් ලැබී තිබුනත් මෙම වීදුරු හේතුවෙන් දුරකථනය අතින් ලිස්සන සුළු ගතියක් ගන්නවා. නමුත් මෙහි වටේ ඇති වක්‍ර දාර නිසා මෙම දුරකථනය අතෙහි තබාගැනීම පහසු වෙනවා. මෙම දුරකථනය නිර්මාණයට වීදුරු සහ මෙට්ල් (Metal) වැනි දෑ උපයෝගී කරගෙන තිබීම හේතුවෙන් මෙය තරමක් දැඩි බවකින් යුක්ත වෙන අතර මෙම දුරකථනය ග්‍රෑම් 172 ක බරකින් යුක්ත වෙනවා

මෙම දුරකථනය පහළින් ස්පීකර් එකක් සහ USB Type C Port එකක් දැකගැනීමට පුළුවන් අතර 3.5 mm Headphone Port එක දුරකථනය ඉහළ දාරයේ දැකගැනීමට පුළුවන්. මෙම දුරකථනයේ පිටුපස කැමරා ත්‍රිත්වයක් සහ LED Light එකක් ද දැකගත හැකි අතර මෙයට අමතරව Finger Print එක ද මෙම දුරකතනයේ පිටුපස දැක ගැනීමට පුළුවන්. තවද Power Button එක සහ Volume Buttons මෙම දුරකථනයේ දකුණු පස ද Sim Tray එක දුරකථනයේ වම් පස ද දැකගත හැකිය.
Huawei Nova 4 – Screen එක සහ Cameras.

මෙම දුරකථනයේ සුවිශේෂීම අංගය වන අඟල් 6.4 ක “Hole-Punch” තාක්ෂණයෙන් සමන්විත IPS LCD තිරය, මෙම තිරය Corning Gorilla Glass v5 ආරක්ෂණය යටතේ වර්ගකොට තිබෙනවා. තවද මෙය 1080 x 2310 pixels ප්‍රමාණයේ Resolution එකකින් ද සමන්විත නිසා අනෙකුත් දුරකථනයකට වඩා සුපැහැදිලි බවක් මෙහි දැකගැනීමට පුළුවන් අතර හිරු එළිය හොඳින් තිබෙන තැනකදී වුවද තිරය මත ඇති දේ හොඳින් දැක ගැනීමට පුළුවන්.

එමෙන්ම “Hole-Punch” හී 25 MP ක සෙල්ෆි කැමරාවක් තිබෙන අතර ඉතාමත් සුපැහැදිලි සෙල්ෆි ඡායාරූප ගැනීමට ද මෙමගින් හැකියාව තිබෙනවා. තවද මෙම දුරකථනය සතු සියලුම කැමරාවන් AI තාක්ෂණයෙන් බලගැන්වී තිබෙන නිසා අප ලබාගන්නා ඡායාරූප උසස් මට්ටමේ නිමාවකින් යුතුව ලබා ගැනීමේ හැකියාවක් තිබීම තවත් එක් විශේෂත්වයක් ලෙස පෙන්වාදිය හැකිය.

මෙම දුරකථනයේ පිටුපස කැමරා ත්‍රිත්වයක් දැකගැනීමට පුළුවන් අතර එම කැමරා වල ධාරිතාවයන් පිළිවෙලින් 48 MP, 16 MP සහ 2 MP වශයෙන් දැක්විය හැකිය. මෙම ඉහළ ධරිතවන්ගෙන් යුතු කැමරා සහ ඒ සඳහා AI තාක්ෂණය උපයෝගී කරගෙන තිබීම නිසා ඉතා අනර්ඝ ඡායාරූප ලබාගැනීමේ හැකියාව තිබෙනවා. උදා :- Image එකක් capture කරනකොට සිදුවන කුඩා කුඩා සෙලවීම් AI මඟින් Filter කරනු ලබනවා. එහෙත් Video එකක් capture කිරීමේදී මෙහි Stabalizer එක එතරම් හොඳ මට්ටමක තිබෙන බවක් දැක ගැනීමට නැත. උදා :- 4K Video capture කිරීමේදී.
Huawei Nova 4 – Software සහ Battery Performance.

මෙම දුරකථනය නවතම Android 9.0 (Pie) මත Huawei විසින් නිර්මාණය කරන ලද EMUI 9 මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත අතර Hisilicon Kirin 970 ප්‍රමාණයේ Chipset එකක්ද මෙම දුරකථනය සතුව තිබෙනවා. තවද මෙම දුරකථනය සතුව 128 GB ප්‍රමාණයේ මතක ධාරිතාවකින් සහ 8 GB ප්‍රමාණයේ RAM එකකින් ද සමන්විත නිසා කිසිඳු Stuck වීමකින් තොරව භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා.
මෙම දුරකථනය සඳහා 3750 mAh ප්‍රමාණයේ බැටරියක් ඇති අතර එමගින් ආසන්න වශයෙන් දින දෙකක් පමණ හොඳින් දුරකථනය භාවිත කිරීමේ හැකියාව පවතිනවා. Quick Charging පහසුකම හේතුවෙන් බැටරිය 50% දක්වා විනාඩි 30 – 40 අතර කාලයකින් ආරෝපණය (Charge) කරගැනීමට හැකියාව තිබෙනවා.
මොනවද Huawei Nova 4 බොක්ස් එකේ තිබෙන දේවල්,

- නවතම Huawei Nova 4 දුරකථනය.
- Silicone Back Cover එක.
- User Manual එක.
- Charging Adapter එක.
- USB Cable එක.
- Sim Removal Tool එක.
- Headset එක.
ඇත්තටම Huawei Nova 4 දුරකථනය කොහොමද…?

අපි හිතන විදිහට මෙම දුරකථනය Mid Range ඝනයට අයත් වුවත් Flagship දුරකථනයකට සමාන සුපිරි පෙනුමක් දැකගන්න පුළුවන් අතර මිල අතිනුත් ඉතා අඩුයි. ඒ වගේම මෙම දුරකථනය අතේ පහසුවෙන් තබාගන්නත්, පහසුවෙන් හසුරුවන්නත් පුළුවන් අතර තරමක් ලිස්සන සුළු වුවත් Back Cover එකක් තිබෙන නිසා එය එතරම් සැලකිය යුතු දෙයක් නොවෙයි. මෙහි ඇති “Hole-Punch” එක අවශ්‍ය වුවොත් Settings මඟින් සුපුරුදු Notch එකටද මාරු කරගත හැකිය. තවද මෙම දුරකථනයේ ඇති සියලුම කැමරාවන් AI තාක්ෂණයෙන් යුක්ත වීම නිසා ඡායාරූප ගැනීම තවත් පහසුවී තිබෙනවා. නමුත් Video පටිගත කිරීමේදී Stabalizer එක ප්‍රමාණවත් නොවීම මෙහි ඇති අඩුපාඩුවක් ලෙස දැකිය හැකිය.

මෙම දුරකථනය සතුව ඇති බැටරිය මෑත කාලයේ වෙළඳපොළට නිකුත් වූ දුරකථන වල බැටරි වල ධරිතාවන්ට සාපේක්ෂව තරමක් පහළ මට්ටමකින් යුක්ත වෙනවා. මෙම දුරකථනය සතුව ප්‍රධාන සෙන්සර්ස් සියල්ලම අන්තර්ගත වෙනවා. තවද මෙම දුරකථනය සතුව ඇති ඉහල මට්ටමේ මතක ධාරිතාවන් සහ RAM ධාරිතාවන් නිසා දැනට ඇති සුපිරි Games පවා කිසිඳු Lag වීමකින් තොරව භාවිත කිරීමේ හැකියාව තිබෙනවා. සමස්ථයක් විදිහට Nova 4 දුරකථනය ඉතා හොඳ දුරකථනයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
Huawei Nova 4 – හොඳ සහ නරක.

Huawei Nova 4 දුරකථනයේ සුපිරි ක්‍රියාකාරිත්වය, සරල බව, අවම මිල සහ පුළුල් තිරයත් මෙහි ඇති ගුණාත්මක කරුණු වශයෙන් හැඳින්විය හැකි අතර මෙය සම්පුර්ණ වීදුරු යොදාගෙන නිර්මාණය කර තිබීම, සාපේක්ෂව අවම බැටරි ධාරිතාව සහ Camera Stabilizer ක්‍රියාකාරිත්වය තරමක් අඩුවීම මෙහි ඇති දුර්වලතා වශයෙන් හැඳින්විය හැකිය.
Huawei Nova 4 දුරකථනය දැනට වෙළඳපොළේ මිලදී ගැනීමට නොමැති අතර ඉතා ඉක්මනින් මෙම දුරකථනය වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බව සඳහන් වෙනවා. ඔබත් Nova මාදිලියේ දුරකථනයක් භාවිත කරන්නේනම් ඔබේ අත්දැකීම අනිත් යටත් දැනගන්න අපිට කියන්න.