
1. Software Engineer (මෘදුකාංග ඉංජීනේරු)
පරිගණක පද්ධති හා පරිගණක මෘදුකාංග නිර්මාණය, ඉදිකිරීම හා නඩත්තුව වැනි කාර්යයන් සඳහා දායක වේ. නමුත් මේ කාර්යය, ආයතනය අනුව වෙනස් විය හැකි අතර, මෘදුකාංග ඉංජීනේරුවකුගේ කාර්යභාරය මෘදුකාංග නිපදවීමේ සිට මෘදුකාංග නවීකරණය හා මෘදුකාංග සඳහා ආරක්ෂාව සැපයීම දක්වා විහිදිය හැක. දැනට ලංකාවේ වැඩි ඉල්ලුමක් ඇති රැකියාවකි.
ඇමරිකාවේ වාර්ෂික සාමාන්‍ය දළ වැටුප: $93,030 ( රුපියල් මිලියන 12ක් පමණ )
(මේ වැටුප ඇමරිකාවේ දත්ත වාර්ථා අනුව සැකසූවකි)
(Data provided by Glassdoor)

2. Web Developer (වෙබ් නිර්මාණකරු)
අනතර්ජාලය හා වෙබ් බ්‍රවුසර ආශ්රිත පරිගණක මෘදුකාංග නිර්මාණය කිරීම වෙනුවෙන් විශේෂිත පරිගණක මෘදුකාංග ඉංජිනේරුවන් මේ අංශයට අයත් වේ. NET, Java, PHP, Silverlight, Flex, MySQL පිළිබඳව හසල දැනුමක් සහිත වන මොවුන් 2014 පරිගණක ආශ්රිත රැකියාවන් සඳහා ගෙවන වැටුප් අතුරින් ඉහළ වැටුපක් ඉපැයීමට සමත් අය අතර සිටී.
Average Salary: $70,000 – $113,500 (රැපියල් මිලියන 9 සිට මිලියන 15 අතර වාර්ෂික ආදායමක්)
(Data provided by Robert Half Technology)

3. Network Systems Analyst / Network Engineer
සමාගම අනුව වෘත්තීන් ද්විත්වය සඳහා එකම පුද්ගලයෙකු හෝ පුද්ගලයින් දෙදෙනෙකු අනුයුක්ත විය හැක. Network Systems Analysts (පරිගණක ජාල විශ්ලේෂක) විසින් සමාගමේ පරිගණක ජාල පද්ධතියේ කාර්යක්ෂමතාව විශ්ලේෂණය කරන අතර පරිගණක ජාලකරණය සඳහාද අනුයුක්ත වේ. ඇතැම් සමාගම් විසින් මේ තනතුර Network Engineer (ජාලකරණ ඉංජිනේරු) ලෙස හඳුන්වන නමුත් ඇතැම් සමාගම් පරිගණක ජාලය නිර්මාණය කිරීම, ක්‍රියාත්මක කිරීම වැනි කාර්යයන් සිදුකරන තැනැත්තා Network Engineer (ජාලකරණ ඉංජිනේරු) ලෙස හඳුන්වයි.
Average Salary: $76,000 ( රුපියල් මිලිනය 9ක සාමාන්‍ය වාර්ෂික වැටුපක් )
(Data provided by Indeed)

4. Mobile Developer (ජංගම දුරකථන මෘදුකාංග නිර්මාණකරු)ෙ
Smart දුරකථන භාවිතය ඉහල යාමත් සඳහා මේ පිරිසට හිමි වූ වටිනාකම අතිශියින් ඉහළ ගොස් ඇත. ජංගම දුරකථන app නිර්මාණය, නඩත්තුව හා පරිපාලනය ප්‍රධාන වගකීම් වේ.
Average Annual Base Salary: $90,920 (වාර්ෂික ආදායම රුපියල් මිලියන 12ක් පමණ)
(Data provided by Glassdoor)

5. IT Manager (තොරතුරු තාක්ෂණ කළමනාකරු)
මේ තනතුර සඳහා හිමි කාර්ය භාරය සමාගමෙන් සමාගමට වෙනස් වේ. සම්පූර්ණ පරිගණක ආශ්රිත සේවක පිරිසගේ ප්‍රධානියාගේ සිට තාක්ෂණික අංශයේ ප්‍රධානී දක්වා විහිදේ. ප්‍රධාන වශයෙන් පිරිස් කළමනාකරණ හැකියාවට අමතරව පරිගණක පිළිබඳ හසල දැනුමක් ඇත.
Average Annual Base Salary: $105,168 (වාර්ෂික රුපියල් මිලියන 14ක් පමණ වැටපක් හිමිවේ)
(Data provided by Glassdoor)

6. Sales Development (අලෙවි ප්රවර්ධක)
ඉංජිනේරු හෝ පරිගණක තාක්ෂණය පිළිබඳ හසල දැනුමක් නොමැතිව වුවත් තාක්ෂණක අංශයේ රැකියා සඳහා පිවිසිමට හොඳම ආකාරය මෙයයි. ප්‍රධාන වශයෙන් සමාගමේ ලාභ මට්ටම ඉහළ තබා ගැනීමද? අනෙකුත් සේවකයින් නිෂ්පාදනය පිළිබඳව අවධානය යොමුකරන අතරේ දී සමාගමේ මූල්‍යමය ස්ථාවරත්වය පිළිබඳ වගකීම අලෙවි අංශය වෙත පැවරේ.
Median Salary: $48,000 (for Sales Representative) ( වාර්ෂිකව රුපියල් මිලියන 6ක පමණ )
(Data provided by Glassdoor)

7. Database Administrator (දත්ත පරිපාලක)
ව්‍යාපරයක දියුණුව හා පැවැත්ම සඳහා “දත්ත“ අත්‍යවශ්‍ය වේ. දත්ත රැස් කිරීම, විශ්ලේෂණය හා දත්ත වල සුරක්ෂිත බව දත්ත පරිපාලකවරුන්ට හිමිවන ප්‍රධාන වගකීම් අතර වේ. සමාගමේ රහසිගත දත්ත වල සුරක්ෂිතභාවය පිළිබඳව දැන් දැන් බොහෝ සමාගම් වල අවධානය හිමිව ඇත.
Median Salary: $63,000 (වාර්ෂිකව රුපියල් මිලියන 8ක් පමණ)
(Data provided by Glassdoor)
Best article ever! ^_^
තවත් සුපිරි ජොබ් සඳහා http://www.jobvacancies.lk වෙත පිවිසෙන්න
Comments are closed.