Oppo සමාගමෙන් leak වෙච්ච අළුත්ම phones තුන මෙන්න.

0
288

ඔන්න දැන් Oppo සමාගමෙන් එන්න තියෙන අලුත්ම phone එකක් ගැන leaks කිහිපයක් අන්තර්ජාලයට ඇවිල්ල තියෙනවා. ඉතින් මේ leak වෙලා තියෙන phone තමයි Oppo Find X3 Neo කියන phone එක. ඉතින් මේ phone එක Find X3 phone lineup එකේ එන්න phone එකක් වෙනවා. ඉතිනේ මේ phone එක announce කරන්න ඉන්නේ තව phones දෙකක් එකයි. ඒ phone තමයි Oppo Find X3 Pro සහ Find X3 Lite. අන්තර්ජාලයට අනුව මේ Oppo Find X3 Neo කියන phone එක සමාගමේ කලින් තිබුණු Reno5 Pro Plus 5G කියන phone එකේ rebranded version එකක් වෙනවා. ඉතින් මේ phones තුනම  announce කරන්න plan කරලා තියෙන්නේ next month වලට වෙනවා.

ඉතින් මේ Find X3 Neo phone එක design කරලා තියෙන්නේ existing phone එකකින් නිසා අපිට මේ phone එකේ features සහ specs ගන්න හොද idea  ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ phone එකේ Snapdragon 865 processor, 4,500mAh battery (with 65W fast charging) සහ  6.55-inch 90Hz OLED display බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම leaks වලට අනුව මේ phone එකේ cameras හතරක් බලාපොරොත්තු වෙන්න පුළුවන්, ඒ තමයි 50-megapixel wide-angle camera, 13-megapixel telephoto, 16-megapixel ultrawide සහ  2-megapixel macro camera එකක් බලාගන්න පුළුවන් වෙනවා.

ඉතින් අපි මේ lineup එකේ තියෙන අනිත් phones දෙක තිහ බැලුවොත් මේ phones දෙකම unique phones වෙනවා. Find X3 Pro එකේ features සහ specs ගන්න බැලුවොත් Snapdragon 888 processor, 120Hz refresh rate එකක් තියෙන 6.7-inch 1440p display, 4,500mAh battery (65W fast charging) බලාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම Find X3 Lite එකේ features සහ specs ගන්න බැලුවොත් 6.43-inch 90Hz OLED display, Snapdragon 765G, 4,300mAh battery (65W fast charging) බලාගන්න පුළුවන් වෙනවා.