මේ වනවිට වර්තමාන ලෝකය සහ අන්තර්ජාලය එකට බැඳී පවතින කාරණා දෙකක්. එමෙන්ම මේ වනවිට සාමාන්‍ය ජනජීවිතයේ කටයුතු සඳහා අන්තර්ජාලය බොහෝ සෙයින් යොදාගනු ලබනවා. මේ හේතුන් නිසා අන්තර්ජාලය හරහා දත්ත, මුදල් වැනි වටිනා දෑ අනවසරයෙන් ලබාගැනීම බහුලව සිදුවන කාරණාවක්.

2018, විවිධ වර්ගයේ හැකර් ප්‍රහාර සහ සයිබර් ප්‍රහාර දැකගැනීමට හැකියාවක් තිබුණ වසරක් වශයෙන් හැඳින්වීමට පුළුවන්. තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුවත් සමග අන්තර්ජාලය හරහා තිබෙන අනතුරු අලුත් වී තිබෙනවා. මෙම අන්තර්ජාලය සම්බන්ධ අනතුරු අලුත් අලුත් මුහුණුවරින් 2019 වසරේ පැමිණීමට හැකියාව තිබෙනවා.
2019 වසරේ සිදුවිය හැකි හැකර් ප්‍රහාර

Ai-Powered Malware
Ai හෙවත් කෘතීම බුද්ධිය : මෙතෙක් කලක් හැකර් ප්‍රහාර සඳහා යොදාගන්න ලද විවිධ උපක්‍රම සඳහා කිසියම් පුද්ගලයෙකුගේ පුර්ණ දායකත්වය අවශ්‍ය විය, එම නිසා මේ සඳහා බොහෝ කාලයක් ගතවිය. එහෙත් හැක් කිරීම සඳහා Ai තාක්ෂණය භාවිත කරන්නේ නම්, පෙරට වඩා ඉක්මනින් මෙම හැක් කිරීමේ කටයුතු සිදු කිරීමේ හැකියාව තිබෙනවා. එම නිසා අනාගතයේදී සංකීර්ණ සහ තරමක් වෙනස් විදිහේ හැකර් ප්‍රහාර සිදුවිය හැකිය.
Smart Phishing

මෙය ඉහත කී කරුණට සමානයි. “Pishing” තුලින් බොහෝ විට අන්තර්ජාලය භාවිත කරන්නන් රැවටීම මගින් ඔවුන්ගේ තොරතුරු ලබාගැනීම සිදුකරනු ලබනවා.
උදා :- Facebook interface එකට සමාන එහෙත්, සකස්කරන ලද වෙනත් interface එකක් මගින් තොරතුරු ලබාගැනීම.
තවද ස්මාර්ට් පිශින්ග් සඳහා ඔබට බොහෝ සමීප දෑ, ඔබගේ Email, Social Media , Bank Services සහ Masseges ආදී දෑ යොදාගැනීමට පුළුවන්.
2019 වර්ෂයේ ඇතිවිය හැකි හැකර් ප්‍රහාර වලින් ආරක්ෂාවෙමු

ඉහත සඳහන් කරුණු ද්විත්වයෙන් ආරක්ෂාකාරී වීම සඳහා බොහොමයක් සේවා සපයන ආයතන සහ සමාගම් නොයෙකුත් උපක්‍රම මේ වනවිට අත්හදාබැලීම් කරමින් තිබෙනවා. ඒ අතරින් මේ සඳහා ඔබට කල හැකි කරුණු කිහිපයක් මෙලෙස දැක්විය හැකිය.
- ඔබගේ දුරකථනය සඳහා ලැබෙන Security Patches යාවත්කාලීන කර තැබීම.
උදා :- Google Security Patches
- ඔබ අන්තර්ජාල ගිණුම් සඳහා යොදාගනුලබන රහස් කේත එම ආයතන විසින් සඳහන් කරන ආකාරයටම යොදා ගැනීම.
උදා :- ඔබගේ රහස් කේතය සඳහා [ Characters (#$%), Numbers(15432), Lower case(abcd), Upper case(ABCD) ] යොදා ගැනීම.
- ඔබ අන්තර්ජාල ගිණුමක් සඳහා ඇතුලත් වීමේදී සෑම විටම එහි ඇති ලින්ක් එක පරික්ෂා කර බැලීම.
උදා :- විශේෂයෙන් ඔබට මුදල් ගනුදෙනුකරන අන්තර්ජාල ගිණුමක් වේ නම් එහි ලින්ක් එකට ප්‍රථමයෙන් ( https ) වශයෙන් ඇද්දැයි පරික්ෂාකර බැලීම සහ එම ලින්ක් එක නිවැරදිදැයි පරික්ෂාකර බැලීම.
- ඔබට ලැබෙන නිර්නාමික කෙටි පණිවිඩ සහ ඇමතුම් පිළිබඳව නිරන්තරයෙන් ඔබගේ සන්නිවේදන නියෝජිත ආයතනය සමග පරික්ෂාකර බැලීම.
උදා :- ඔබට ලැබීමට ඇති ත්‍යාගයක් ලබාගැනීම සඳහා ඔබගේ රහස් කේත සහ Bank Details විමසන අවස්ථාවකදී.
- ඔබගේ අන්තර්ජාල ගිණුම් ආයතන විසින් මෙම අනතුරු වලින් ආරක්ෂාකාරී වීම සඳහා ලබාදී ඇති Settings වැනි දෑ නිවැරදිව යාවත්කාලීන කිරීම.
උදා :- විශේෂයෙන් සමාජ ජාල ගිණුම් තුල ඇති Settings යාවත්කාලීන කිරීම.
ඉහත සඳහන් කරුණු ඔබට ඉදිරියේදී වඩාත් ආරක්ෂාකාරී ලෙස අන්තර්ජාලය භාවිතය සඳහා උපකාරී වේ යැයි අපගේ අදහසයි. ඔබටත් මෙවැනි ගැටළුවක් ඇත්නම් අපිට කියන්න. මෙවැනි තොරතුරු අනිත් යටත් දැනගන්න Share කරන්න.