තොරතුරු තාක්ෂණ හා තාක්ෂණ ක්ෂේත්රයන් හි බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් බලා සිටින සමුළුවක් තමයි Google I/O කියන්නේ. ඉතින් මේ ජාත්‍යන්තර සමුළුවේ ලාංකික දිගුව වන Google I/O Extended Sri Lanka හි 2017 වසර සඳහ අයදුම් පත් බාරගැනීම දැන් ආරම්භව තිබෙනවා.
Google I/O කියන්නේ Google සමාගම විසින් සිය නවෝතපාදනයන් හා නවතම නිෂ්පාදනයන් එළිදැක්වීම සඳහා අැමරිකාවේ San Francisco හීදී වාර්ෂිකව පැවැත්වෙන අති දැවැන්ත තාක්ෂණ සමුළුවක්. මේ වසරේදී එම සමුළුව මැයි මස 17 සහ 18 යන දිනයන්හීදී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා සහභාගී වී එම අත්දැකීම ලබාගැනීමට වාසනාව හිමිවන සුළු පිරිසට (2015 වසරේදී TechGuru අපටත් එම වාසනාව හිමිවුනා) අමතරව ලොව පුරා වෙසෙන පිරිස සඳහා ප්‍රධාන සමුළුව සමගාමීව අනු සමුළු එක් එක් රටවල් වලදී පැවැත්වෙනවා. ඒ ඒ රටවල Google Developer Group හෙවත් GDG විසින් එම අනු සමුළු සංවිධානය කිරීමෙහිලා පුරෝගාමී වනවා.
ඉතින් මෙවර Google I/O Extended Sri Lanka සමුළුව GDG Sri Lanka කණ්ඩායම Dialog හා Ideamart කණ්ඩායම් සමඟ එක්ව මැයි 17 සහ 18 දිනයන් හීදී BMICH හීදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා. පසුගිය වසරේ සැන් ෆ්රැන්සිස්කෝ හීදී පැවැත්වුන් Google I/O ප්‍රධාන සමුළුවේදී පවා ඇමරිකාවේ හැරුණුකොට පැවැත්වෙන දැවැන්තම Google I/O සමුළුව ලංකාවේදී පැවැත්වෙන බව ප්‍රකාශ කරනු ලැබුවා.
මෙවර ප්‍රධාන සමුළුව මැයි 17 වන දින හවස 6 සිට පසුදා පාන්දර 6 දක්වා පැවැත්වෙන අතර එහිදී ලංකාවේ නම ගිය තාක්ෂණික සමාගම් එක්ව කෙරෙන සංවාද, ජාත්‍යන්තරය ජයගත් ලාංකික තාක්ෂණ නවෝත්පාදන ඇතුළු තාක්ෂණික ලෝකයේ තවත් බොහෝ දෑ අත්වීදීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. මීට අමතරව ජනප්‍රිය සහ නැගීඑන පුද්ගලයන්ගේ විනෝදාත්මක අංග රැසක් ද, මදි නොකියන්නට ආහාර පාන වලින්ද මේ උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ආරංචියි. තවද රොබෝවරුන්ගේ සටන් ඇතුලත් Chromium Collision තරඟයත් ප්‍රධාන සමුළුවට සමඟාමීව පැවැත්වීමට නියමිතයි. ඒ වගේම මෙවර සමුළුව සඳහා පූර්ණ මාධ්‍ය අනුග්‍රහය TV Derana හා TechGuru.lk වෙතිනුයි ලබාදෙන්නේ.
මේ සියල්ලට අමතරට තවත් බොහෝ දේ ඔබට නුදුරේදීම දැනගන්නට ලැබේවි.
Google I/O Extended Sri Lanka සඳහා ලියාපදිංචි වීමට පිවිසෙන්න: https://goo.gl/frAofD
පහතින් දැක්වෙන්නේ පසුගිය වසරේ පැවැති Google I/O Extended හී සුවිශේෂී අවස්ථා කිහිපයකි.