Google I/O කියන්නේ ගූගල් සමාගම සිය නව නිර්මාණ එළිදක්වන වසරකට වරක් පැවැත්වෙන වැඩසටහන් මාලාවක්. සෑම වසරකම පාහේ Google සිය ආධිපත්‍යය පතුරුවන්නට නව නිර්මාණ හා සේවාවන් ලොවට හඳුන්වා දෙන්නේ Google I/O හරහා යි. මීට වසර දෙකකට පෙර Google Glass හඳුන්වා දුන්නේද Google I/O හීදි වන අතර පසුගිය වසරේ ද අලුත් සේවාවන් කිහිපයක්ම හඳුන්වා දුන්නා.
මේ වසරේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන ඇත්තේ Android මෙහෙයුම් පද්ධතියයි. ජංගම දුරකථනයට අමතරව ඔබේ ඔරලෝසුවට (Android Wear), TV යන්ත්‍රයට හා Car එකටත් Android මෙහෙයුම් පද්ධතිය යොදාගන්නට ගූගල් සූදානම් වන ආකාරය පිළිබඳව දැනගන්නට මේ වසරේදී හැකියාව ලැබේවියැයි සිතිය හැකියි. මීට අමතරව Chrome, Search, Web Apps, Google Silver, Project Ara හා අන්තර්ජාල බැලූන පිළිබඳවත් යම් යම් තොරතුරු මේ වනවිටත් නිකුත් වී හමාරයි.
අද දින ආරම්භ වන මේ උළෙලට සමගාමීට ලංකාවේද Google I/O Extended උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට මේ වන විටත් සියල්ල සූදානම්. අද සවස 6 සිට අද රාත්‍රිය පුරා Sri Lanka Foundation හීදී පැවැත්වීමට නියමිත මේ වැඩසටහනේ දී San Francisco හීදි පැවැත්වෙන Google I/O ප්‍රධාන උත්සවය සජීවීව දැකගැනීමට අමතරව විවිධ අධ්‍යාපනික හා විනෝදාත්මක වැඩසටයන් සංවිධානය කර හමාරයි.
[toggles behavior=”toggle”]
[toggle title=”Event Agenda”]

[/toggle]
[/toggles]
.
hello!!
mokakda me live blog kiyanne ?
Live blog කියන්නේ එතන ඉඳගෙන event එකේ updates ඒ වෙලාවෙම Website එකට upload කරන එක.
Comments are closed.