ලෝකයේ ලොකුම Cloud සේවාව වන Google Cloud සේවාව ඇණහිටීමක් පිළිබඳව වාර්තා වෙනවා. ඒ අනුව මෙම හේතුව නිසා G-suite ඇතුළු Gmail , Nest ආදී Google සේවාවන් රැසක් ඇණහිට තිබෙනවා. මෙම ගැටළුව ප්රථමයෙන්ම වාර්තා වී තිබෙන්නේ ඇමරිකාවේ නැගෙනහිර වෙරළ කලාපීය ප්රදේශ වලට වන අතර DownDetector වෙබ් අඩවියේ වාර්තාවන්ට අනුව එය තවත් කලාප කිහිපයකට බලපා තිබෙනවා.

මේ පිළිබඳව Google සමාගම ප්රකාශයක් නිකුත් කරමින් කියා තිබෙන්නේ “Google Compute Engine” තුළ ඇති වූ මෙම ගැටලුව කලාප කිහිපයකට බලපා ඇති බවයි. ඔවුන් තව දුරටත් කියා සිටින ආකාරයට මෙම ගැටලුව ඇමරිකාවේ නැගෙනහිර කලාපයට දැඩි ලෙස බලපා තිබෙන අතර එම නිසා Google Cloud, GSuite සහ YouTube ඇතුළු සේවාවන් කිහිපයකම Errors සහ අවම ක්රියාකාරිත්වයක් දැකගැනීමට තිබෙනවා. Google සමාගම පවසන පරිදි ඉතා ඉක්මනින් එය යතා තත්වයට පත්කිරීමට Google සමාගම මේ වනවිටත් කටයුතු කරමින් සිටිනවා.

මෙම ගැටලුවන් Google සමාගමේ සේවාවන්ට පමණක් සීමා වී නැති අතර Google සේවාවන් මත පදනම්ව පවත්වාගෙන යන සමාගම් කිහිපයකටම මෙය බලපා තිබෙනවා. කෙසේ නමුත් මෙම ගැටලුවෙන් ලංකාවට කිසිඳු බලපෑමක් නැත.
UPDATE: මේ වනවිට Google සමාගම විසින් මෙම ගැටළුව යතාතත්වයට පත්කොට තිබෙනවා.