UPDATE: පුද්ගලයින් 150 රැගෙන ස්පාඥ්ඥයේ බාර්සිලෝනා නගරයේ සිට ඩුසෙල්ඩෝෆ් දක්වා ගමන් ගත් යානය අනතුරට පත්වීමට හේතුව මේ වන විට හෙළිව තිබෙනවා. සොයාගත් කළු පෙට්ටියේ තිබූ තොරතුරු අනුව යානයේ සහාය නියමුවා විසින් හිතාමතා සිදුකළ අනතුරක් බවයි මේ වන විට ප්‍රංශ බළධාරීන් විශ්වාස කරන්නේ.
SEE MORE: සහාය නියමුවා 4U9525 ගුවන් යානය අනතුරට පත්කලේ මෙහෙමයි
පුද්ගලයින් 150 දෙනෙකු රැගත් ගුවන් යානයක් ප්‍රංශයේදී කඩා වැටී තිබෙනවා. Germanwings ගුවන් සමාගමට අයත් A320 ගුවන් යානයකුයි මෙලෙස අනතුරට පත්ව ඇත්තේ. ස්පාඥ්ඥයේ බාර්සිලෝනා නගරයේ සිට ඩුසෙල්ඩෝෆ් දක්වා ගමන් ගත් යානය ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටියට කඩාවැටී තිබෙනවා. මේ අනතුරින් යානයේ ගමන්ගත් මඟින් හා කාර්යමණ්ඩලය සියළු දෙනාම මියගොස් ඇති බවයි වාර්ථා වන්නේ. මිය ගිය අතර පාසල් දරුවන් 16 දෙනෙක්, ජර්මන් ජාතිකයින් 67ක් සහ කාර්යමණ්ඩලය 6 දෙනෙකු සිටි බවයි වාර්ථාවන්නේ.

යානය බාර්සිලෝනා ගුවන්තොටුපලෙන් ගමන් අරඹා උදෑසන 10.45 වන විට යානය අඩි 38,000ක් ඉහළ අහසේ ගමන්ගනිමින් තිබෙනවා. ඊට මිනිත්තු 8කින් පසුව අවසන් වරට රේඩාර් හි සටහන් වන විටදී යානය අඩි 6000ක් උසින්, වේගයෙන් පහලට ගමන් කරමින් තිබී ඇත. ඉතා ඉහළ අහසේ ගමන්කරමින් සිට මිනිත්තු 8ක් වැනි සුළු කාලයක් තුලදී පහළට ඇදවැටීම බොහෝවිට යාන්ත්රක දෝෂයක් නිසා සිදුවිය හැකි බවයි වාර්තා වන්නේ. ඒ වගේම අනතුරට පත්වූ 4U9525 යානයේ නිවුන් යානය මීට මාස 4කට පෙර යාන්ත්‍රික දෝෂයකට ලක්වීමෙන් පසුව ඊයේ දිනයේදී අනතුරට ලක්වූ යානයේ ආරක්ෂාව පිළිබඳවත් අනතුරු අඟවා ඇති බවත් වාර්ථාවනවා. මීට අමතරව යානය ගොඩබෑමේ පද්ධතියේ දෝෂයක් ඇතුළුව යාන්ත්‍රික දෝෂ කිහිපයක්ම තිබී ඇත.
යානය ක්ෂණිකව පහළට පැමිණි මුත් කිසිදු අනතුරු හැඟවීමේ සංඥාවක් ගුවන් පාලන මධ්‍යස්ථානය වෙත නොලැබීම නිසා යානය අනතුරට පත්වීමේදී ගුවන් නියමුවන්ගේ ක්‍රියාකලාපය පිළිබඳවත් සැක පළවනවා. ක්ෂණිකව යානය පහළට ගමන් ගන්නා විට ගුවන් නියමුවන් සිහිමුර්ඡා තත්වයේ සිටියාදැයි සැකයක්ද ඇතිව තිබෙනවා. ඒ නිසාවෙන් මේ ගුවන් අනතරු ත්‍රස්තවාදී ප්‍රහාරයක් වියහැකි බවත් ඇතැම් විදෙස් මාධ්‍ය වර්ථාකර සිටියා. කෙසේ නමුත් අනතුර සිදුවූ හේතුව පිළිබඳව මෙතෙක් නිවැරදි තොරතුරු වාර්ථා වී නොමැත.

අනතුරෙන් මියගිය අය අතර ප්‍රසිද්ධ ස්පාඥ්ඤ ජාතික ඔපෙරා ගායිකාවක්, ඕස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනෙක්, ජපන් ජාතිකයින් දෙදෙනෙක් හා ඇමරිකන් ජාතකයෙක්ද සිටි බවයි දැනට වාර්ථා වන තොරතුරු වලින් හෙළිවන්නේ. මේ අනතුර නිසාවෙන් දැනට ගුවන් යානා නියමුවන් ඇතුළු කාර්යමණ්ඩලයේ බොහෝ පිරිසක් Germanwings ගුවන් සේවයේ සේවය කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
දෝෂ සහිත යානයක් මේ ආකාරයට භාවිතයට ගැනීම සම්බන්ධයෙන් වගකිව යුතු නිළධාරීන් මේ වන විට ප්‍රශ්ණ කිරීම් සඳහා යොමුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකරන බව බළධාරීන් පවසා සිටිනවා. අඩු පිරිවැය ගුවන් ගමන් සඳහා වැඩි වශයෙන් භාවිත වන A320 ගුවන් යානා සියල්ලක්ම මේ අනතුරන් පසුව පූර්ණ පරික්ෂාවට ලක්කෙරෙනු ඇත. අපේ රටේ භාවිත වන ගුවන් යානා බහුතරයක්ම A320 යානා වන අතර දැනට භාවිතයේ පවතින සමහර A320 යානා වසර 20ක් පමණ පැරණි ඒවායි.
කෙසේ නමුත් Airbus A320 යානය ආරක්ෂාව අතින් විශිෂ්ඨ යානයක්. මීට පෙර A320 යානා වලින් සිදුවූ අනතුරු වලින් 90%කට අධික ප්‍රමාණයක් මිනිස් අත්වැරදීම් මත සිදූවූ ඒවා මිස යානයේ දෝෂ නිසා සිදුවූ ඒවා නොවේ. අනෙක යානය පහළ බැසීම ආරම්භ වීමෙන් පසුව අනතුරක් පිළිබඳව තොරතුරු පාලන මැදිරිය වෙත වාර්ථා කිරීමට ගුවන් නියමුවා අපොහොසත් වීම නිසා මේ අනතුර සඳහාත් ගුවන් නියමුවාගේ දෝෂයක් නිසා සිදුවූවක් විය හැකිබවත් ඇතැම් ගුවන් යානා ආරක්ෂක විශේෂඥයින් මත පළකර සිටිනවා.
අනතුරෙන් විනාශ වූ යානයේ සුන් බුන් සෙවීම මේ වන විට සිදුවන අතර යානය කුඩා කොටස් වලට විනාශ වී ඇති බවයි යානයේ සුන්බුන් ඉවත් කිරීමේ සේවකයින් පවසන්නේ. යානය අනතුරට පත්වූ ස්ථානය ජනාවාස වලින් බොහෝම ඈත කඳුකර ප්‍රදේශයක් නිසාවෙන් සුන් බුන් ඉවත් කිරීම හා මිය ගිය අයගේ සිරුරු සෙවීම අතිශය දුෂ්කර කාර්යයක් වී ඇත. එම ස්ථානයට ලඟා විය හැක්කේ හෙලිකොප්ටර් යානා වලින් පමණක් බවයි සහන සේවා නිළධාරීන් පවසන්නේ. කෙසේ නමුත් මේ වන විට යානයේ තිබූ කළ පෙට්ටි (BlackBox) දෙකෙන් එකක් සොයාගෙන ඇති අතර එය කඩිනමින් පරීක්ෂාකර දත්ත ලබාගැනීම සඳහා යොමුකර ඇත. සාමාන්‍යයෙන් ගුවන් යානයක සියළුම තොරතුරු සටහන් වන්නේ මේ කළු පෙට්ටියේය. ඒ නිසා කළු පෙට්ටියේ තොරතුරු අනාවරණය වීමෙන් පසුව අනතුරට හේතුව ගැන හෝඩුවාවක් සොයාගන්නට හැකි වේවි.
[signoff predefined=”Tech Guru Facebook Like”][/signoff]