එක ගමනක් චාර්ජ් කරලා දවස් 90 ක් තියාගන්න

0
1354

ඔබේ දුරකතනයේ කුමන අංගයද වැඩි දියුණු විය යුක්තේ? මේ ප්‍රශ්නයට බොහෝ දෙනෙක් ක්ෂණිකව බැටරිය කියලා පිළිතුරු දේවි. දැනට වෙළඳපොලෙහි තිබෙන බොහෝ දුරකථන වල බැටරි ආයු කාලය දින 5-6 කට සීමා වෙනවා. බැටරිය සිදී ගිය විට ඔබට කැමරාව,සංගීත වාදකය ආදියට වඩා අත්‍යවශ්‍යය දුරකථන ඇමතුමක් ලබා ගැනීමට නොහැකි වෙනවා. අන්න ඒ අවශ්‍යයතාවය සපුරන්නට තමයි Janus One කියන දුරකතනය වෙළඳපොලට එන්නේ. මේක ස්මාර්ට් ෆෝන් එකක් නම් නෙමෙයි. සාමාන්‍යය feature phones එකකටත් වඩා අඩු පහසුකම් ප්‍රමාණයක් තමයි මෙහි තිබෙන්නේ. නමුත් මෙහි බැටරි ආයු කාලය මේ සියල්ල පරාජය කරනවා. Janus One දුරකථනය දවස් 90 ක බැටරි standby time එකකින් සහ පැය 12 ක කතා කාලයකින් යුක්තයි. මේ සියල්ල සමඟ මෙහි ප්‍රමාණය ක්‍රෙඩිට් කාඩ් එකක තරම්ය.

මේ උපාංගය හරහා දැනට දුරකථන ඇමතුම් ලබා ගැනීමට සහ ඔබේ ප්‍රාථමික දුරකථනයෙහි power bank එක ලෙසට යොදා ගන්න පුළුවන්. මේ කුඩා දුරකතනයට මාස තුනක standby time එකක් ලබා දෙන්නේ 1,500mAh ක බැටරියක් වීම විශේෂත්වයක්. මෙහි ගනකම 5.5mm වේ. water resistant වන මේ උපාංගය ඔබේ සාක්කුවට ඉතා පහසුවෙන් දමා ගන්නට පුළුවන්. තවද මෙය SMS සහ Bluetooth පහසුකමද සමඟයි වෙළඳපොලට පැමිණෙන්නේ. Black, White, සහ gold යන වර්ණයන්ගෙන් මෙය මිලදී ගැනීමට හැකි වෙනු ඇත.

https://youtu.be/G2IrKWFsa-w

අන්තර්ජාලය ඇසුරෙනි.