Facebook සමාගම විසින් පසුගිය දිනෙක අලුත්ම app එකක් හඳුන්වා දුන්නා. ඒ තමයි Slingshot. මිතුරන් අතරේ පණිවුඩ හුවමාරු කිරීම අමුතුම ආකාරයකින් සිදුකරන්නට පුළුවන් මේ app එක ෆේස්බුක් හි පෙර තිබූ අංගයක් වූ poke කිරීම සහ Snapchat app එකෙහි එකතුවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. එනම් ඔබට මේ හරහා යවන ඡායාරූප හෝ වීඩියෝ පට නරඹන්න නම් ඔබත් ඡායාරූපයක් හෝ වීඩියෝවත් යැවිය යුතුයි. එතෙක් මිතුරන් ඔබට එවන දේවල් නරඹන්නට හැකියාවක් ඔබට නැහැ.
කෙසේ නමුත් මේ වන තෙක් ලංකාවේ අපටනම් මේ app එක භාවිත කරන්නට හැකියාවක් නැහැ. නමුත් නුදුරේ දීම ඔබටත් අවස්ථාව ලැබේවි. මේ අලුත් app එක පිළිබඳව බොහෝ දෙනෙකු කැමැත්ත පළකර සිටියත් අකමැති පිරිසත් සුළු පිරිසක් නොවේ. එහි ඇති පැටලිලි සහගත බවත් නුහුරු බවත් ඒ අකමැත්තට හේතු වී තිබෙනවා. නමුත් facebook ආයතනය පවසන අයුරින් නම් අනාගතයේ දී මේ නව සේවාව සඳහා වැඩි අවධානයක් යොමුවනු ඇත.
ලගදිම මුහුණු පොතට විශ්මකර්ම අමුතුම facebook app එකක් නිකුත් වෙී
ලගදිම මුහුණු පොතට විශ්මකර්ම අමුතුම facebook app එකක් නිකුත් වෙී
Comments are closed.