ජංගම දුරකථනයෙන් කෙටි පණිවිඩ යැවීමේ සේවා අතර සමතුලිතතාවයට දැවැන්ත බලපෑමක් එල්ල වූ ගණුදෙනුවක් අද දින සිදු වූවා. ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් ලොව පුරා ජන සන්න්වේදන ජාලයට බලපෑමක් එක්කල WhatsApp සේවාව ඩොලර් බිලියන 16කට මිලදී ගැනීමත් සමඟයි ඒ බලපෑම එල්ල වූයේ. ඒ අනුව ෆේස්බුක් ජාලය තව දුරටත් ශක්තිමත් කිරීමට මෙම ජාලය යොදාගැනීමට ඔහුට හැකියාව ලැබෙන ඇත. ලොව විශාලතම සමාජ ජාලය ලෙස හැඳින්වුනු ෆේස්බුක් වෙත මින් පසුව ලොව විශාලතම පුද්ගලික සන්නිවේදන ජාලයද ඇතුලත් වනු ඇත. මාසික භාවිත කරන්නන් ගණන බිලියනයකින් අඩකට ආසන්න ගණනක් වන WhatsApp හරහා බිලියන 30කට ආසන්න ප්‍රමාණයක් පණිවුඩ හුවමාරු වේ.
අඩු වියදමින් තමන්ට අවශ්‍ය සන්නිවේදනය සිදුකිරීමට කෙටි පණිවුඩ මගින් හැකිවීම නිසාවෙන් ඉතා කෙටිකලෙකින් ජනප්‍රියත්වයට පත් වූ මේ සේවාව නිසා ආසියාවේ දුරකතන සමාගම්වල කෙටි පණිවුඩ ව්‍යාපාරය අනාගතයේදී බිඳ වැටීමේ අවස්ථාවක්ද තිබෙන බව පසුගිය දිනවල කතාබහට ලක්වූ කරුණක් විය.
මෙම WhatsApp නැමති සේවාව තුළින් නොමිලේ සීමා රහිත ලෙස කෙටි පණිවුඩ යැවීමට හැකිවීම නිසා එය වඩාත් ජනප්‍රිය වෙමින් තිබීමත් දුරකතන සමාගම් වලට මුදල් ගෙවා කෙටි පණිවුඩ යැවීම අඩු වෙමින් තිබීමත් මෙයට හේතුවයි.
මේ අතර Google සමාගමද WhatsApp මිලදී ගැනීමට උත්සහා කළ ඇති බවද වාර්ථා වන අතර WhatsApp සඳහා Google ගෙවීමට සූදානම් වී ඇත්තේ ඩොලර් බිලියන 10කි.