පාස්කු ඉරුදින ප්‍රහාරයේ නොසිතූ පැතිකඩ

0
318

පසුගිය පාස්කු ඉරුදින අපේ රටට එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට හරියටම සතියක් ගෙවුණු තැන තාක්ෂණය සම්බන්ධව නිතරම ගණුදෙනු කරණ අප සැමට කතා කිරීමට කරුණු කිහිපයක් ඉතිරිව ඇත. පසුගිය සතියේ සිදු වූ මෙම සිදුවීම නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල ඇතුළු සේවා සපයන ආයතන සියල්ලම ලංකාවේ ප්‍රධාන සමාජ මාධ්‍ය සියල්ලම අවහිර කරණු ලැබුවා. ඔබ මෙම ලිපිය කියවන අද දිනය දක්වා මෙම සමාජ මාධ්‍ය අවහිරය ඉවත් වී නැත. එහෙත් Facebook හරහා මෙම ලිපිය කියවන බොහෝ දෙනෙකු VPN (Virtual Private Network) යොදාගෙන ඇති බව කිව හැකිය.

ඇත්තටම ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල ඇතුළු සන්නිවේදන සේවා සපයන ආයතන සියල්ලම ලංකාවේ ප්‍රධාන සමාජ මාධ්‍ය සියල්ලම අවහිර කරණු ලැබුවේ, පැතිර යන අසත්‍ය කටකතා නැවත්වීම උදෙසා බව කව්රුත් දන්නා කරුණක්. එහෙත් දැනට ලංකාව මෙන්ම මුළු මහත් ලෝකයම කතා වෙන පාස්කු ඉරුදින සිදු වූ ප්‍රහාරයට අදාල බොහොම වැදගත් කරුණු කිහිපයක්ම ලංකාවේ සාමාන්‍ය ජනයා දැනගත්තේ සමාජ මාධ්‍ය මගිනි. ඒ හා සමානවම අසත්‍ය තොරතුරු රාශියක්ද මෙම සමාජ මාධ්‍ය මඟින් දැනටත් පැතිරයමින් පවතින්නේ ලංකාව තුළ තවමත් සමාජ මාධ්‍ය අවහිර කර ඇති පසුබිමකයි. ඒ VPN හේතුවෙනි,

VPN එහෙමත් නැතිනම් Virtual Private Network භාවිතය කිසිඳු වරදක් නැත. නමුත් Apple හෝ Google Store හිදී නොමිලේ ලබාගැනීමට ඇති VPN apps හොඳම නැත. VPN සේවාවන් ලබාදෙන ආයතන හට මෙම සේවාවන් ලබාදීමට විශාල මුදලක් වැය කිරීමට සිදුවෙන අතර ඔවුන්හට කිසිඳු ප්‍රතිලාභයක් නොමැතිව නොමිලේ සේවාවක් ලබා දෙන්නේ ඇයිදැයි සිතිය යුතුය. මන්දයත් ඔබ විසින් VPN හරහා අන්තර්ජාලය මඟින් සිදුකරන සියළුම දේ පිලිබඳ තොරතුරු මෙම VPN සේවාවන් ලබාදෙන ආයතන ලබාගන්නා බැවිනි. ඔවුන් විසින් ඔබගේ දත්ත හා තොරතුරු පිළිබඳව කිසිඳු වගකීමක් දරන්නේ නැත. ඔබගෙන් මේ ආකාරයෙන් ලබාගන්නා සියළුම දත්ත හා තොරතුරු නීති විරෝධී හා මෙවැනි ත්‍රස්ත කටයුතු සඳහා ද යොදා ගැනීමට බොහෝ ඉඩකඩ ඇත.

මේ අතර VPN සේවාවන් සඳහා මුදලක් අයකරගන්නා ආයතන ඇත. ඔවුන් විසින් ඔබගේ තොරතුරු සහ දත්ත පිළිබඳව වගකීමෙන් බැඳී සිටි. ඔවුන් විසින් ඔබගේ තොරතුරු කිසිඳු ආකාරයකට වෙනත් ත්‍රයි පාර්ශවයකට (3rd Patry) ලබාදෙන්නේ නැත.

ඔවුන් විසින් දත්ත ආරක්ෂණය පිළිබඳව නිරතුරුවම සැළකිලිමත් වන අතර හැකර් ප්‍රහාර වලින් වැළකීමටද නොයෙකුත් විධි විධාන අනුගමනය කරයි. Apple හෝ Google Store හිදී මුදල් අයකරන VPN සේවා කිහිපයක්ම දැකගැනීමට හැකියාව ඇති අතර මසකට ඉතා සුළු මුදලක් පමණක් ඔවුන් මෙම සේවා සඳහා අයකරනු ලබනවා. එම මුදලට සාපේක්ෂව විශාල ආරක්‍ෂාවක් ඔවුන් විසින් අපගේ දත්ත සහ තොරතුරු සඳහා ලබා දේ.

රටකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට හෝ ජනතාව අතර කුමන ආකාරයේ හෝ ප්‍රශ්නයක් ඇති කිරීමට එම රටේ තොරතුරු, දත්ත සහ එක් එක් මිනිසුන්ගේ කැමති අකමැති දේ, චර්යාවන් ඇතුළු ඉතා සංවේදී තොරතුරු රැසක් ලබාගැනීමට අවශ්‍ය වන අතර එම තොරතුරු ලබාගැනීමට ඔබගේ සමාජ මාධ්‍ය සහ දුරකථනය බොහොම ප්‍රමාණවත්. ඔබ විසින් අනාරක්‍ෂිත VPN ආදී සේවාවන් භාවිතය මඟින් නොදැනුවත්වම ඔබේ ආරක්ෂාව මෙන්ම රටේ ආරක්ෂාවද අනතුරකට යොමු කරණු ලබනවා.

ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය අවහිර කළ ප්‍රථම වතාව මෙය නොවන අතර මින් පෙරදීත් මේ ආකාරයෙන්ම සමාජ මධ්‍ය අවහිර කරනු ලැබුවා, ඉදිරියටත් සමාජ මධ්‍ය අවහිර සිදුවිය හැකිය. එය සාමාන්‍යයෙන් ඕනෑම රටක සිදුවිය හැකිය. සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර හුවමාරු වීමද ඕනෑම රටක සිදුවන දෙයකි එය වැළක්වීම සඳහා බොහෝ බටහිර රටවල් තුළ රජයන් හරහා සමාජ මාධ්‍ය තුළ පළවන තොරතුරු Monitor කරණු ලබනවා. ලංකාව තුළ එවැනි දෙයක් සිදු නොවන නිසා ඔබ විසින් විචක්ෂණශිලිව සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙන තොරතුරු දෙස බැලිය යුතුය. සමාජ මාධ්‍ය තුළ හැසිරීමේදී ඔබ විසින් ස්වයං වාරණයක් තමන් තුලම ඇතිකර ගත යුතුය.

අනෙක් කරණය නම් සාමාන්‍යයෙන් ලංකාවේ බොහොමයක් පුරුදුව සිටින ආකාරයට නොමිලයේ ලබාදෙන සේවාවන් හෝ අනාරක්ෂිත සේවාවන්, උදා :-  Crack Software , VPN ආදී සේවාවන් හැකි අයුරින් භාවිතා නොකිරීමට වගබලා ගත යුතුය. අප විසින් මෙවැනි දේ පිළිබඳව ද අවදානය යොමු කළ යුතුය, මන්දයත් මින් පසු මෙවැනි ප්‍රහාර අප රට තුළ සිදු නොවිය යුතු නිසාය.

UPDATE : මේ වනවිට ලංකාව තුළ පැවති තාවකාලික සමාජ මාධ්‍ය තහනම ඉවත්කොට තිබෙනවා. (2019.04.29)

මේ පිළිබඳව ඔබේ අදහස අනෙක් අයටත් දැනගන්න අපිට කියන්න. අනෙක් අයටත් දැනගන්න share කරන්න.