ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද – ඇත්ත මෙන්න

, , 3 Comments

මෙවර අයවැයෙන් විදුලි ආරෝපණයෙන් ධාවනය වන නිසාන් ලීෆ් කාර් එකක මිල ඉතා අසාධාරණ අයුරින් වැඩි කරලා තියෙනවා. ඒ ගැන රජය දක්වන හේතුව නම් වැඩි වෙන විදුලි ඉල්ලුම සැපැයීමේ අපහසුව සහ ඒ සදහා තාප ශක්තිය හෝ තවත් ජල විදුලි බලාගාර ඉදිකරෝතින් සිදුවන පාරිසරික විනාශය. කතාව ඇත්ත. අපි වගේ රටකට ඒක දරාගන්න බෑ. එහෙනම් අපි මිල වැඩි කරාම හරි කියන එක මුල් ළමාවිය සංවර්ධනය නොවුන ළදරුවෙක් ගේ කතාවක්.

අපි මුලින්ම බලමු මේ කාර් එකේ අපිට තියෙන වාසිය මොකද්ද කියලා. මගේ හිතවත් කිහිප දෙනෙක්ම හයිබ්‍රීඩ් ගන්න ගිහින් මගේ පූර්ණ දිරිගැන්වීම මත නිශාන් ලීෆ් කාර් ගත්තා. ඒ වගේම මගේ වෘතීය සහකරුවෙකුත් ඒකට ප්‍රොමෝට් කරා. ඒ අයගේ මාස තුනකට ආසන්න අත්දැකීම් අනුව, වරක් ආරෝපනයෙන් 2015 Nissan Leaf රථයක් කිලෝමීටර 180කට වඩා දුරක් A/C සහිතව දාවනය කරන්න පුලුවන්. ඒ වගේම දිනපතා කොළඹ යන අක්කාට රුපියල් 15 000කට අධික (පෙට්‍ර‍ල් වියදමින් 75%ක් ඉක්මවූ) ඉතිරියක් මාසිකව දැන් තියෙනවා. සේවා වියදම් නඩත්තු වියදම් නොමැති වීමත් තවත් වාසියක්. අපේ හුගක් අය ඉලෙක්ට්‍රික් කියපු ගමන් බය වුනාට දැනටමත් ලංකාව පුරා චාර්ජින් සෙන්ටර් 100කට වඩා තියෙනවා. එයින් 85%ක් පමන පැය 4කින් සම්පූර්ණ චාර්ජ් කිරීමට හැකි ඒවා සහ 15% ක් පමන විනාඩි 20න් 80%ක් චාර්ජ් කරන්න පුලුවන්. ඉක්මන් චාජරය (44kwh) ක මිලියන 4ක් පමණ වන අතර 6.6 kwh පැය 4 චාජරයක් රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වෙනවා. මේ සදහා ආයෝජනය කරන පිරිස දිනෙන් දින ඉහල යන බව පේන්න තියෙනවා. නමුත් කාර් එකට ලක්ෂ පනහක් වියදම් කරා නම් ඔය වාසි එකක් වත් වැඩක් නෑ.

මොකද්ද දැන් විදුලි ඉල්ලුමට විසදුම, ඒකට අමුතුවෙන් හොයන්න දෙයක් නෑ. නිසාන් සමාගම ම වාහනයේ නමත් එක්කම පැහැදිලි කරලා තියෙනවා. Zero Emission කියලා කියන්නේ පෙට්‍රෝල් පුච්චලා විදුලිය හදලා ඒකෙන් දුවන එක නෙමෙයි. ගෙදරට සූර්‍ය ශක්ති විදුලි ජනකයක් සවි කරලා ඒ මගින් දාවනය කිරීමෙන්. සරළවම අපි වගේ සමකාසන්න රටකට ඒක හරිම ප්‍රායෝගිකයි. අපි දේශීය සැපයුම් කරුවන්ගෙන් කරපු මිල කැදවීම් බැලුවාම දැනගන්න ලැබුනා 5kw සූර්‍ය ශක්ති විදුලි ජනකයක මූලික පිරිවැය ලක්ෂ අට හමාරත් දහයත් අතර වෙනවා. ඒ අනුව අපිට කරන්න තිබුනේ Leaf එක ගන්න එකාට පොල්ලෙන් ගහන එක නෙමෙයි, උන්ට සෝලා පවර් සිස්ටම් එකක් ගන්න ලීසින් එකක් දෙන එක. සොලා සිස්ටම් වලට තියෙන බදු අඩු කරන එක. ග්‍රිඩ් සිස්ටම් එකක් ගත්තා නම් වැඩිපුර ජනනය වෙන සැපයුම ජාතික සැපයුමට සපයන්නත් ඒ මගින් මුදලක් උපයාගන්නත් වාහන කාරයාට පුලුවන් වෙනවා. ලීෆ් එකක් ගන්න එකාට සෝලා පවර් අනිවාර්‍ය කරන්න රජයක් හැටියට පුලුවන්. වසරකට එක් වාහනයකට තෙල් ගේන්න රජයට වැය වෙන ලක්ෂයකට අධික වියදම මේකෙන් අඩුවෙනවා. දුම එජින් ඔයිල් නිසා සිදුවෙන පරිසර හානිය අවම වෙනවා වගේම ජාතික විදුලි සැපයුමත් තව ශක්තිමත් වෙයි.

මතක තියාගන්න ලංකාවේ ආන්ඩුවක් වෙනස් කරන්න FB එකට පුලුවන් බව රටේ විධායක ජනාධිපතිත් පිළිගෙන තියෙනවා. මත්පැන් තහනම් කරොත් ආණ්ඩුව පෙරළනවා කියා කියුවා නම් Leaf එකත් ආන්ඩුව පෙරළන මාතෘකාවක් වෙන බව ආණ්ඩුවට කියාදෙන එක ඔයාලාගේ වැඩක්.

 

3 Responses

  1. Nadun Dissanayake

    November 25, 2015 4:25 am

    ආණ්ඩුවෙ හරි වැරැද්ද නම් දන්නෙ නැහැ. හැබැයි මොනව වුනත් ලංකාවට හරි හමං පාලකයෙක් නැති එක නම් මේ මොකා බලයට පත්වුනත් අපිට තේරෙනව. හිටපු යකා හපං අලුත් යකා ඊට වඩා හපං…

    Reply
  2. ප්‍රශාන්ත් සදීප

    November 25, 2015 3:44 pm

    මචංලා.. නිසාන් ලීෆ් කාර් එකනම් 2nd vehicle එකක්. ඕක මමනම් හිතන් නෑ නිසාන් සමාගම ලන්කාවටත් එක්ක ඔය වාහනේ හැදුව කියලා. ඔයා වාහනේ තියෙන්නේ ටවුන් එකට යන්න, ලග කොහෙහරි ශොප්න් යන්න වගේ දේවල් වලටනෙ. ඒකනෙ 2nd vehicle කියන්නෙ. ඔය වාහනේ පාවිච්චි කරනවනම් පෙට්‍රල් වලින් හෝ ඩීසල් වලින් දුවන වාහනයක් ගෙදර තියෙනවනම් හොදයි. මේක අපේ රටට අදාල නැති උනාට පිටරට උදවිය මේ වාහනේ පාවිච්චි කරන්නෙ ඒ වගේ වැඩකට. ඇයි මොකො ඔය කාර් එකෙ ට්‍රිප් යන්නද? හදිසියේ හිට්ටොත්වත්? මොන දෙයියන්ට කියන්ටද? චාජ් කරගන්න සෙඩ් වගේ තැන් හැම තැනම නෑනෙ… අන්න ඒකයි 2nd vehicle එකක් කියන්නෙ. තමන්ට ලග තැනකට යන්න තම 2nd vehicle පාවිච්චි කරන්නෙ. දන්න තරමින් දැනට ලෝකයේ හදන හුගාක් ඒ.වි වාහන 2nd vehicle ගණයට අයත් වෙනව.

    ඉතිං ඔය මගුල දැක්ක අපේ රටේ උත්තමයො… ‘හප්පට.. කරන්ට් එකෙන් යන කාර් එකක් එවිත්. තෙලුත් ඉතුරුයි’ කියල හිතල කාර් එක ගන්නවා. හැබැයි 1st vehicle එකක් ගෙදර නැතුව තියෙද්දි තමා 2nd vehicle එක ගන්නෙ… ඉතිං ඕකට ආණ්ඩුව මොක කරන්නද? ඉතින් 1st vehicle එකක් තියෙන එකෙක්නෙ 2nd vehicle එකක් ගන්නෙ.. එහෙම ගන්ඩ උට කොච්චර සල්ලි තියෙන්න එපැයිද? ඉතින් උගේ 2nd vehicle එකට ඔච්චර බදු ගහන එක මන් නම් හිතන් නෑ නරකයි කියලා.

    ගන්නම ඔන්නම් 1st vehicle එකක් ගනිල්ල 2nd vehicle එක්කට යන්න කලින්. ඒකනේ හොදම තීරනේ….

    නිසාන් සමාගමත් ‘වාහන නිෂ්පාදකයත්’ කියනවනම් මේක 2nd vehicle එකක් කියල… ලන්කාවෙ අපි 1st vehicle එකක්වත් නැතුව 2nd vehicle එක්කට කෙලින්ම යන එක මහාම මහ මෝඩ වැඩක්නේ…

    ඉතින් ඕකට ආණ්ඩුවට බනින්න එපා…. ආණ්ඩුව ගනන් ගන්නෙත් ලීෆ් කාර් එක 2nd vehicle එකක් කියල මිසක් 1st vehicle එකක් කියල නෙමෙයි…..

    Reply
    • Pubudu Indika

      November 27, 2015 4:57 pm

      මිත්‍ර‍යා ඔබ නිවැරදියි Nisan Leaf කියන්නේ සෙකන්ඩ් වෙහිකල් එකක්. හැබැයි උබට අමතක වුනා අපි තර්ඩ් වර්ල්ඩ් රටක මිනිස්සු කියලා. අපිට වාහන දෙක තුන ගන්න පුලුවන් පිරිසක් නාගරිකව ඉන්නවා තමයි. හැබැයි ඔබ තුමා දන්නේ නෑ ලංකාවේ 40%ක් දවසට රුපියල් 280ක ආදායමකින් ජීවත් වෙන බව. නිසාන් ලීෆ් එකක් වටින්නේ රටවටේ ඩිලිවරි යන මිනිහෙක්ට නෙමෙයි. දවස ගානේ රස්සාවට යන එන දිනපතා වාහනයක් භාවිතා කරන කෙනෙක්ට. ඔබ තුමා නොදන්නවා වුනාට ලංකාවේ පෞද්ගලික වාහන වලින් 80%ක් දෛනිකව දාවනය වෙන්නේ 40km වලටත් අඩුවෙන්. එහෙනම් ඒ හැමෝටම මේක පෙට්රල් ඩීසල් වාහනයකට වඩා සුදුසු වෙනවා. අපි හිතමු මාසෙකට සැරයක් අපි දුර ගමනක් යනවා කියලා. ඒක කොළඹින් පිට වුනත් නුවරට, ගාල්ලට, මාතරට, රත්නපුරේට නම් ඒත් කිසිම අවුලක් නෑ 20min චාජින් සෙන්ටර් තියෙනවා. ඒ වගේම ලංකාවේ හතර කොනම පැය 4 චාජර් තියෙනවා කිසිම බයක් නෑ. හෙට අනිද්දාම තව Speed Charger 30ක් සවිකරන්න දැනටමත් ගෙනැවිත් අවසන්. එහෙම නොවුනත් 1st vehicle එකක් නැති කෙනෙක්ට අඩුම තරමින් ඇල්ටෝ එකක් හරි රෙන්ට් එකට අරං ගියත් පාඩු වෙන්නේ නෑ මාසෙටම තෙල් වියදමින් 15 000-20 000ක අවම ඉතිරියක් ලැබිලා තියෙන නිසා. ඔක්කෝටම වඩා මේකේ තියෙන වටිනාකම රුපියල් ලක්ෂ 50-60ක වියදමින් ගන්න කාර් එකක සැප පහසුව රුපියල් ලක්ෂ 30ක කාර් එකකින් ගන්න තිබුන වාසියයි.

      මතක තියාගන්න 1st Vehicle 2nd Vehicle පාවිච්චි කරන්න මේක ප්‍රාන්ත 10-15ක් තියෙන මහා ලොකු රටක් නෙමෙයි කියන එක. යාපනේ ඉදන් ගාල්ලට ගියත් මැද දී එක පාරයි කාර් එක චාර්ජ් කරන්න වෙන්නේ.

      Reply

Leave a Reply