ලොව මිලෙන් අධිකම domain නාමය?

, , Leave a comment

Domain Names එකක් කියන්නේ වෙබ් අඩවියකට පිවිසෙන්න, වෙබ් අඩවිය හඳුන්වන්න භාවිත කරන නමක්. උදා syco.me. Domain names වල මිල, ආරම්භයේ (1985) පටන් බොහෝ ඉහල පහල යාම් වලට ලක් වුවත් අද වන විට සමහර domain නම් සදහා ඉතා අධික මිලක් නියම වී පවතිනවා. තවත් ඉදිරි කාලයේදී පවතින ඉල්ලුම හා ව්‍යාපාරික නැඹුරුව අනුව domain නම් වල මිල තවත් ඉහල යා හැකි බවයි පැවසෙන්නේ.

ඒ අතරින් වඩාත් කනගාටුදායකම පුවත නම් 1995 වසර වනතෙක් ඕනෑම කෙනෙකුට domain names නොමිලයේ ලබා ගැනීමට අවස්ථාව ලැබී තිබීමයි. එම වසරේදී අන්තර්ජාල විසදුම් ස්ථාපිත වූ පසු බලධාරින් විසින් domain නම් සදහා සිය අයකිරීම් වසර දෙකකට ඇමෙරිකානු ඩොලර් 100 සිට අරම්භ කලා. පසුව 1997 දී එය ඇමෙරිකානු ඩොලර් 70ක් දැක්වා පහත වැටුන බවත් කියවෙනවා.

ඒ වගේම මෙතෙක් domain නමක් අලෙවි වූ වැඩිම මුදල සඳහා හිමිකම් කියන්නේ Business.com වෙබ් අඩවියේ ඩොමේන් නමයි. 1999 දී එය අලෙවි වූ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 7.5කි. ලංකාවේ මුදලින් ආසන්න වශයෙන් රුපියල් කෝටි 98ක්.

1998 දී , ICANN (The Internet Corporation for Assigned Names and Numbers) ස්‌ථාපිත වීමත් සමග නැවත domain නම් සදහා නියම වූ මිල පහත වැටී තිබෙනවා. ඔබ ඔබේ අනාගත web පිටුවට සිත් ගන්නා සුළු domain name එකක් සොයමින් ලතැ වෙනවද? ඔබ ගෙවන මිලට සරිලන, දුටු විගසින් මතකයේ රැදෙන ඔබේ web පිටුවට වඩාත් ගැලපෙන හොදම නමක් තෝරාගැනීමට කල්පනාකාරී වන්න.

 

Leave a Reply