දන්නා පරිගණක වයිරස් ගැන නොදන්නා කරුණු

0
2159

පරිගනක වලට එන වයිරස් සියල්ලක්ම පාහේ අපේ නොසැලකිලිමත්කම හා නොදන්නා කම නිසා ඇතුළු වේ. පරිගනක සැලකිල්ලෙන් හා විමසිල්ලෙන් නිවැරදිව භාවිතා කිරීමෙන් 90%ක්ම පමණ වයිරස් වලින් ගැලවී සිටිමේ සම්භාවිතාවයක් පවතින බව පැවසෙනවා. Virus Guard කොතෙකුත් දැමුවත් virus ඇතුළුවීමේ සම්භාවිතාවයක්ද පවතීනවා. මේ හේතුව නිසාම අපගේ සැලකිලිමත්බව හා virus පිළිඹද දැනුම ඉන් මිදීමට බොහෝ සෙයින් වැදගත් වනවා.

trojan-virus-infection-phishing-scamමුල් අවදියේ නම් වයිරස් වලින් පරිගනකයේ ක්‍රියාකාරීත්වයට බාධා පැමිණීම සිදු වුන නමුත් දැන් වයිර්ස් බොහෝසෙයින් වැඩි දියුණු වී පරිගණකයේ ඇතුලත් දත්ත සොරා ගැනීමට මෙන්ම විවිධ වෙළඳ අවශ්‍යතා සදහා පවා යොදා ගැනෙනවා. මේ වන විට වයිරස් සෑදීමම විශාල මුදල් උපයන මාර්ගයක් බවට පත් වී තිබෙනවා. මුදල් සෙවීම, විවිධ ජාලා, වෙව් අඩවි අඩපණ කරවීම වැනි පහත් ක්‍රියා සදහා දැන් මෙම virus ලොව ප්‍රධාන පෙලේ cyber අපරාධ ඇති වීමේ මාර්ගයක් බවට පත් වී තිබෙනවා.

Virus, Worms, Trojan Horse ලෙස ප්‍රධාන වශයෙන් වෛරස් වර්ග 3ක් ක්‍රියාත්මක වනවා.වයිරස් යනු පරිගණක වලට පැමිණෙන files විශේෂයක්. මේවාට විවිධ අවස්ථාවලදී විවිධ ස්වරුප ගන්නවා. කවුරුන් විසින් හෝ Activate වූ පසු ඒවා නිර්මාණය කල උපදෙස් අනුව ක්‍රියාත්මක වෙමින් පැතිරීම ආරම්භ කරනවා. මෙවැනි වයිරස් මගින් පරිගණකයේ RAM එකට බොහෝ හානි සිදුකර ඇතැම් විට පරිගණකයට කිසිවක් කල නොහැකි තත්වයකට ගෙන එනවා. සමහර වයිරස පරිගණකයේ Files මකා දමමින් පරිගණකය අඩපන කරනවා. තවද Email, Downloads Chat, CD,DVD, Pen drive හරහා වයිරසයක් තවත් පරිගණකයකට පැතිරීමට වැඩ ඉහල නම්බුරුවක්ද දක්වනවා.

Worms යනු වයිරස් වලට සමාන එහෙත් කිසිවෙකුගේ උදව්වකින් තොරව ක්‍රියාත්මක වන file විශේෂයකි. පරිගණක ජාල හරහා සිය පැතිරීම සිදු කරයි.එම නිසවෙන් මෙය සාමාන්‍ය වයිරසයකට වැඩ හානිදායක වේ.

Trojan Horse වයිරස වලට වඩා වෙනස් වූ file වර්ගයකි. මේවා සාමාන්‍යයෙන් ප්‍රයෝජනවත් වැඩසටහන් ආකාරයෙන් පෙනී සිට ඉතා බරපතල හානි සිදු කරයි. ඉතා ප්‍රයෝජනවත් ලෙස සලකා යම් වැඩසටහන් පරිගණකයට ඇතුලත් කරගත් පසු ඒවා අපට නොදැනීම පරිගණකයට හානි කිරීම අරඹයි. එසේම එය නිපදවූ පුද්ගලයාට අපගේ අවසරය නොමැතිවම පරිගණකය තුලට පැමිණීමටද ඉඩ සලසා දෙනු ලබයි.