5G සූදානම් – ඔබ සූදානම් ද?

, , Leave a comment

5G (5th Generation) යනු පස්වන පරම්පරාවේ මීලග ජංගම දුරකථන ජාල එසේත් නොමැතිනම් ටෙලිසන්නිවේදනයේ  (mobile telecommunication) පර්යේෂණ හා ව්‍යාපෘති වල  මීලග ප්‍රධාන අවධිය හදුන්වන යෙදුමයි. මෙය වසර 2020 සිට භාවිතයට ගැනීමට නියමිත නිල ජංගම සන්නිවේදන තාක්ෂණයයි. මෙහිදී Li-Fi නම් නව දත්ත හුවමාරු තාක්ෂණික ක්‍රමයක් භාවිත වන බව පැවසෙනවා.

Li-Fi යනු Light Fidelity වේ. එනම් 5වන පරම්පරාවේ දෘෂ්‍ය ආලෝක සන්නිවේදන ජාලයන් වේ. Li-Fi මගින් දත්ත සම්ප්‍රේෂණයට LED තාක්ෂනය යොදා ගැනෙනවා. ඒ අනුව ඔබට ඉදිරියේදී නිවසේ විදුලි බුබුළු හරහා අන්තර්ජාලය හා සම්බන්ධ විය හැකියි. එනම් දැනට භාවිත වන Wi-Fi රවුටර් වෙනුවට අන්ත්රජාල සම්බන්ධක හැටියට අනාගතයේදී විදුලි බුබුළු භාවිත වනු ඇති. දැනට පර්යේෂණ මට්ටමේ ඇති මේ තාක්ෂණය 2018 වන විට 82%ක් පමණ වර්ධණයක් දක්වනු ඇති බව පැවසේ.
5G ජංගම දුරකථන තාක්ෂණයේ වාසි ලෙස අඩු විදුලි පරිභෝජනය, ඉතා ප්‍රබල Signal ආවරණය, දත්ත සම්ප්‍රේශණ කාලය අඩුවීම හා වේගය වැඩිවීම, එකවර devices විශාල ප්‍රමාණයකට සහාය දැක්වීමට හැකිවීම දැක්විය හැකියි. පසුගිය වසරේ (2013) මැයි මස 12 වන දින Samsung Electronics සමාගම විසින් ලොව පලමු 5G තාක්ෂණික ජාලය හඳුන්වා දුන් අතර මූලික තාක්ෂණයට අනුව උපරිම දත්ත සම්ප්‍රේශන වේගය තත්පරයට ගිගාබිට්ස් 10 ක් (10 gbps) බවයි පැවසෙන්නේ.

lifi_environment

 

Leave a Reply