Huawei සමාගම ඔවුන්ගේ නවතම තාක්ෂණයෙන් යුක්ත සුපිරි දුරකථන කිහිපයක්ම සහ නවතම Huawei Watch GT පසුගිය දිනයකදී ලෝකයට හඳුන්වා දෙනු ලැබුවා. එයට සමගාමිව Huawei Sri Lanka ආයතනය විසින් ඊයේ දිනයේදී (15) වන දින Hilton Colombo පරිශ්‍රයේදි ඔවුන්ගේ නවතම උපාංග කිහිපය ශ්‍රී ලාංකේය වෙළදපොළට හඳුන්වාදෙනු ලැබුවා.

ඉතාමත් උත්සවශ්‍රීයෙන් පැවැත්වුණු මෙම සන්ද්‍යාව සඳහා Huawei මෙරට ප්‍රධානී පීටර් ලියු, සිංගර් ශ්‍රී ලංකා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන, අලෙවි අධ්‍යක්ෂ කුමාර්ස මරසිංහ, ඩිජිටල් මාධ්‍ය අධ්‍යක්ෂ ජගත් පෙරේරා සහ ඩයලොග් ආසියාටා සමාගමේ උපාංග ව්‍යාපාර ප්‍රධානී, ජංගම විදුලි සංදේශන අංශයේ සමූහ ව්‍යාපාර මෙහෙයුම් ප්‍රධානී අයෝමාල් ගුණසේකර, මොබිටෙල් සමාගමේ දත්ත, උපාංග සහ ව්‍යවසාය ක්‍රමෝපාය අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර යසිරු අබේගුණවර්ධන මෙන්ම අලෙවි නියෝජිතයන් සහ තවත් සම්භාවනීය අමුත්තෝ රැසක් මෙම උළෙලට සහභාගී වූහ.

වෘත්තීය මලල ක්‍රීඩක දිනේෂ් දෙහෙරගොඩ සහ ආයතනික ප්‍රධානියෙකු මෙන්ම ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකු ද වන ආචාර්ය විකුම් සේනානායක යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ Youtube කරණයේ සාමාජිකයන් රැසක් සහභාගී වූහ.
හඳුන්වා දෙනු ලැබු නවතම Huawei Mate 20 මාදිලි පෙළ අඟල් 6.53 සහ 6.39 යන දර්ශන තිරවලින් වෙළඳපලට නිකුත් කර ඇති අතර Huawei Mate 20, Huawei Mate 20 Pro සහ Porsche මෝටර් රථ අනුව නිර්මාණය කර ඇති Huawei Mate 20 RS යන එම මාදිලි තුනයි. Huawei සමාගම හඳුන්වා දී ඇති ඉහළම කාර්යසාධනයෙන් යුතු ලොව ප්‍රථම Kirin 980 හා 7nm තාක්ෂණයෙන් යුතු ප්‍රොසෙසරය මෙම මාදිලි පෙළ සඳහා අන්තර්ගත වේ.

වසරක වගකීමක් සමගින් වෙළඳපලට පිවිසෙන Huawei Mate 20 මාදිලි පෙළ ඕනෑම Huawei මධ්‍යස්ථානයකින් හෝ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකථන අලෙවිකරුවෙකුවන සිංගර් ශ්‍රී ලංකා මධ්‍යස්ථාන වෙතින් හෝ මිලදී ගත හැකි අතර තවද, ඩයලොග් සහ මොබිටෙල් මධ්‍යස්ථාන ද මෙම නවත ම ජංගම දුරකථන පෙළ අලෙවිකරණ කටයුතු සිදු කරන අතර Huawei Mate 20 දුරකථනය රු. 124,000කට ද Huawei Mate 20 Pro දුරකථනය රු. 174,900කට ද මිල කර ඇත. මෙම ජංගම දුරකථන 6GB RAM + 128GB ROM තාක්ෂණයෙන්මි ලදී ගත හැකි අතර PORSCHE DESIGN Huawei Mate 20 RS දුරකථනය 8GB RAM + 256GB ROM තාක්ෂණයෙන් යුතුව රු. 299,900කට මිලදී ගත හැකි බව Huawei Sri Lanka ආයතනය විසින් මෙම උත්සවයේදී ප්‍රකාශයට පත් කරන ලදී.

Huawei සමාගම විසින් හඳුන්වා දෙනු ලැබූ මෙම සුපිරි දුරකථන සහ උපාංග ලාංකේය පාරිභෝගිකයන් අතර විශාල ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකි වේයැයි අපගේ මතය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here