Super Mario එක්ක Kart පදිමු

0
347

Super Mario Game එක ගැන බොහෝ දෙනෙක් දන්නවා. මොකද කියනවනම් එක කාලයක මේ Game එක ලෝකය පුරා ජනප්‍රිය වුවා. කොහොම වුවත් Nintendo සමාගම විසින් Super Mario එකේ ඉන්න Characters ටික භාවිතා කරලා අලුත්ම Mario Game එකක් හදලා තියෙනවා. ඒ Game එක “Mario Kart Tour” කියලා නම් කරලා තියෙනවා.

Nintendo සමාගම විසින් Twitter පණිවිඩයකින් සඳහන් කරන ආකාරයකට මේ අලුත්ම Game එක එළඹෙන සැප්තැම්බරයේ 25 වෙනිදා නිකුත් කිරීමට නියමිතයි. මෙහි Beta Version එක Android සඳහා පමණක් ලබාදී තිබුනත් “Mario Kart Tour” Game එක Android සහ iOS යන මෘදුකාංග ද්විත්වයටම නිකුත් කිරීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

“Mario Kart Tour” Beta එකේ තිබුණ එක එක Features, Mobile Gamers ලට නම් එතරම් අලුත් දෙයක් නොවුන මුත් “Mario Kart Tour” සම්පුර්ණ Game එකේදී අලුත් අලුත් Features එකතු වීමට ඉඩකඩ පවතින බව සඳහන් වෙනවා. එම නිසා “Mario Kart Tour” මඟින් මෙතෙක් දැක නැති සුපිරි අත්දැකීමක් ලබාගැනීමට හැකිවනු ඇත.

දැනටමත් Android Play Store හෝ Apple App Store වලදී මේ Game එක යටින් “Coming Soon ” කියලා tag එකක් දැකගැනීමට පුළුවන් අතර මේ වනවිට “Mario Kart Tour” සඳහා කලින් ලියාපදිංචි වීම ආරම්භ වී තිබෙනවා.