ලංකාවේ උපත ලද “Kimaki” දැන් ඔබේ android ජංගම දුරකථනයට

, , Leave a comment

පරිගණක ක්‍රීඩා කියන්නේ ලොව පුරා බිලියන ගණනකට විනෝදාස්වාදය සපයන ඒ වගේම අතිශය තරඟකාරී වෙළඳපලක් අැති කේෂත්‍රයක්. ලංකාවේත් පරිගණක ක්‍රීඩා හෝ ජංගම දුරකථන ක්‍රීඩා වලට අැබ්බැහිවූ අය බොහෝ දෙනෙක් සිටියත් මේ ක්‍රීඩා නිර්මාණය කරන්නට නම් වැඩි දෙනෙක් තවම පෙළඹීලා නැහැ. මොකද ඒක තරමක් අභියෝගාත්මක දෙයක්. ඒත් අද අපි කියන්න යන්නේ අභියෝග ජයගෙන ජාත්‍යන්තර මට්ටමේ ජංගම දුරකථන ක්‍රීඩාවක් (App) නිර්මාණය කළ කණ්ඩායමක් ගැනයි.

Arimac Lanka (අැරිමැක් ලංකා) අායතනයේ අපේම දක්ෂ පරිගණක ක්‍රීඩා නිර්මාණකරුවන් විසින් නිර්මාණය කළ මේ ක්‍රීඩාව හැඳින්වෙන්නේ Kimaki (කිමකි) නමින්. මේ ක්‍රීඩාව සාමාන්‍ය ක්‍රීයාදාම ක්‍රීඩාවක් ලෙස පෙනුනත්, භාවිත කරන්නාගේ චිත්ත කුසලතා සහ වේගය හොඳින් මැනබලන ක්‍රීඩාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ් වගේම මේ ක්‍රීඩාව පහසුවෙන් අැබ්බැහිවනසුළු ක්‍රීඩාවක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. වැඩිය වැල්වටාරම් අවශය නැහැ ඔයාලම මේ ගේම් ඒක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරලා බලන්නකෝ. දැනට Android සඳහා පමණක් නිකුත්කර තිබුනත් නුදුරේදීම iOS සඳහාත් Windows සඳහාත් සහාය ලබාදෙන බවයි Kimaki ගේ නිර්මාතෘවරුන් පවසන්නේ.

Download Kimaki on Android Play Store

 

Leave a Reply