Harry Potter රසිකයන්ට ලැබෙන අළුත්ම දේ මෙන්න

0
505

J.K Rowling විසින් රචිත ලෝකප්‍රකට “Harry Potter” නව කතාව පසු කාලීනව චිත්‍රපටයකට නැඟෙනවා. ඉතාමත් ජනප්‍රියත්වයට පත්වන “Harry Potter” චිත්‍රපට මාලාවෙන් පසුව විවිද පරිඝණක ආශ්‍රිත ක්‍රීඩා පවා නිර්මාණය වන්නේ ද එහි ඇති ජනප්‍රියත්වය තවත් වැඩි කරමින්.

මෙම ලෝකප්‍රකට “Harry Potter” නවකතාව ආශ්‍රයෙන් නිර්මාණය වූ Games කළාව නව දිශාවකට යොමු කිරීමට ඇමරිකාවේ “Niantic” කියන සමාගම මේ වනවිට සමත්වී තිබෙනවා. “Niantic” කියන්නේ Games නිර්මාණය කරන සමාගමක්, පසුගිය කාලයේ විශාල වශයෙන් කතාබහට ලක් වූ “Pokémon Go” නිර්මාණය වන්නේද මෙම සමාගම අතින්.

Harry Potter: Wizards Unite Game Trailer

නවතම “augmented reality” තාක්ෂණයෙන් නිමවු අළුත්ම “Harry Potter” Game එක “Harry Potter: Wizards Unite” ලෙසින් නම් කර තිබෙන අතර මෙය මේ වනවිට ඇමරිකාවේ iOS සහ Android පරිශීලකයන් සඳහා නිකුත් කර තිබෙනවා. “Niantic” සමාගම මෙම Game එක නිකුත් කරලා තියෙන්නේ මේ Game එක එළිදක්වන්න තිබුන දවසටත් කළින් වීම තවත් එක විශේෂත්වයක්.

මෙහි Beta Version එකක් පසුගිය මැයි මාසයේ නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ දී නිකුත් කර තිබෙනවා. ඉන් අනතුරුව නිළ වශයෙන් මෙම අළුත්ම “Harry Potter: Wizards Unite” Game එක ඇමරිකාවෙදී අද දිනයේදී නිකුත් වුවා. මෙම “Harry Potter: Wizards Unite” අද දිනයේදී ලෝකයටම නිකුත් කෙරෙන බව සඳහන් Twitter පණිවුඩයක්ද මේ වනවිට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතින අතර කොහොම වුනත් ඉතාමත් ඉක්මනින්  “Harry Potter: Wizards Unite” ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකික අපිටත් පාවිච්චි කිරීමට හැකියාව ලැබේ යැයි බලාපොරොත්තු විය හැකිය.