ඔබ Android හෝ iPhone භාවිත කරන්නෙක් නම් බොහෝවිට Flappy Bird ක්‍රීඩාව ගැන මේ වන විට දන්නවා ඇති. ලකුණු රැස්කිරීම තරමක් අපහසු, නමුත් ඇබ්බැහිවන සුළු ක්‍රීඩාවක් වූ මේ ක්‍රීඩාව මේ දිනවල අතිශය ජනප්‍රිය ක්‍රීඩාවක් වුවත් මේ ජනප්‍රියත්වය නිසාම එහි නිර්මාතෘ වන වියට්නාම ජාතික Dong Nguyen විසින් එම ක්‍රීඩාව App Store වලින් ඉවත් කරගත්තා. මේ නිසාවෙන් එම ක්‍රීඩාව අනුකරණය කරමින් විවිධ ක්‍රීඩා රාශියක් නිර්මාණය වූ අතර Yaka Kaak (යකා කාක්) ලෙසින් සිංහල සංස්කරණයක් ද නිකුත් වුනා. මේ ක්‍රීඩාවේ හා සියළුම අණුකරණ වල විශේෂත්වය වන්නේ ලකුණු රැස්කිරීම අපහසු බවයි. ඒ නිසා අද අප කියන්නට යන්නේ Flappy Bird හි වැඩි ලකුණු ප්‍රමාණයක් රැස් කරගන්නා ආකාරය ගැනයි.

Setting Up

ඔබේ ජංගම දුරකථනයේ මේ වන විට Flappy Bird install කර නැතිනම් ඔබට එම ක්‍රීඩාව දැනට App Store වලින් ඉවත් කර ඇති නිසා ඒ අනුසාරයෙන් නිර්මාණය කළ වෙනත් අනුකරණයක් install කරගන්න.

හොඳම අනුකරණ ක්‍රීඩා ලෙස Flappy Hipster, Tappy Nyan, සහ Flappy Bert මෙන්ම Yaka Kaak (යකා කාක්) ද හැඳින්විය හැක!
ඔබට අවශ්‍යනම් Original ක්‍රීඩාවම download කරගත හැකි වූවත් එය විශ්වාසනීය වෙබ් අඩවියක් භාවිතයෙන් download කර manual install කරගැනීමට ඔබට සිදුවේ.

ඔබ High score ලබාගැනීමට උත්සාහ කරනවා නම් හොඳ අවධානයකින් යුුතුව ක්‍රීඩා කිරීම වැදගත් වනවා. එනම් ඔබේ අවධානය වෙනතකට යා හැකි ස්ථාන හැකි තරම් මඟහැර නිස්කලංක තැන සිට ක්‍රීඩාව ආරම්භ කරන්න. උදාහරනයක් ලෙස සුරතල් සතුන් නොගැවසෙන තැනක්, නිශ්ශබ්ද තැනක්, බසයේ නම් මැද ආසනයක් වැනි ස්ථානයක් සුදුසුයි. ඒ වාගේම එලිමහන් තැනකදී නම් ජංගම දුරකථනයේ තිරය පැහැදිලිව දිස්වෙන තැනක් වීම වැදගත්. (තිරයට අව්ව නොවැටෙන සෙවන ඇති තැනක්)

කෙසේ වුවත් එකිනෙකාගේ කුසලතාවය මත හා රුචිකත්වය මත බාහිර සාධක වෙනස් විය හැකි නිසා විවිධ ක්‍රම අනුගමනය කරමින් ඔබට උචිතම ක්‍රමය සොයගන්න.

flappy-bird-screens

Learning the Game

පුහුණුවන්න. හැකි තරම් වාරගණනක් උත්සාහ කරමින් විවිධ ක්‍රම අනුගමනය කරමින් ක්‍රීඩාවේ වේගයට හුරු වන්න. ක්‍රීඩාවේ විලාශයට හුරු වන්න. Flappy Bird එබ සිතනවාට වඩා ඉකිමනින් පහළට වැටෙන සුළුයි. ඒ නිසා එම සාධකයට හුරු වීම වැඩි ලකුණු ගණනක් රැස්කිරීම සඳහා වැදගත් වේ.

ඔබ නිතර නිතර මිය යන ආකාරය ගැන අවධානයෙන් සිටින්න. බොහෝ දෙනෙක් “ඔහේ“ ක්‍රීඩාවේ යෙදෙනවා මිස වැරදි වලින් පාඩම් ඉගෙන ගන්නේ නැහැ. උදාහරණයක් හැටියට ඔබ වැඩිපුර ඉහළ යනවා නම් ඊළඟ වර අවධානයෙන් තිරයේ මැදට වන්නට Flappy Bird තබාගන්න.

පහළ පයිප්පයේ ඉහළම කෙරවළට ආසන්නව ගමන් කරවන්න. Tap කිරීමට නියම කාලය පැමිනෙන තෙක් රැඳෙන්න. නිකරුනේ tap කිරීමෙන් අනවශ්‍ය පරිදි ඉහළ ගමන් කිරීම සිදුවේ. එමෙන්ම සෑම විටම හොඳ අවධානයෙන් සිටින්න.

ක්‍රීඩාවේ නිතර නිතර යෙදීමෙන් ඔබට ක්‍රීඩාවේ රිද්මයට හුරු විය හැක. මුලදී පළමු ලකුණු 10 ඉලක්ක කරන්න. මුල් ලකුණු රැස් කළ ආකාරය මතක තබා ගන්න. නොනවත්වා උත්සාහ කරන්න. මිතුරන් හා තරඟ කරන්න. මිතුරන්ගේ ලකුණු ගණන පසුකිරීම ඔබට වැඩි ලකුණු රැස් කිරීමට හොඳ ක්‍රමයක්.

Tips

අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධි කර ක්‍රීඩා කරන්න. එමඟින් Ads නිසා අවධානය බිඳීම අඩු වේ.

ක්‍රීඩාවේ ශබ්දයට අකමැතිනම් ශබ්දය අඩුකර හෝ mute කර ක්‍රීඩාකරන්න.‍

තිරයේ වමට වන්නට ඇඟිල්ල තබාගනිමින් tap කරන්න. එ මඟින් ඔබේ ඇඟිල්ල නිසා පයිප්ප නොපෙනී යාමෙන් සිදුවන බාධාව වැලකේ.

Lag වීම හෝ කැඩි කැඩී ධාවනය වීම ක්‍රීඩාවේ රිද්මයට බාධාවක්. ඒ නිසා හැකි තරම් අනෙකුත් apps close කර ක්‍රීඩාවට පිවිසෙන්න.

Warnings

මේ ක්‍රීඩාවේදී මිය යාම තරමක් තරහා ඇතිවන දෙයක්. ආවේගශීලී විය හැකි අවස්ථාවක්. ඒත් මතක තබා ගන්න. මෙය ක්‍රීඩාවක් පමණයි. මිනිත්තු 30කට වඩා එක දිගට ක්‍රීඩාවේ යෙදෙන්නට එපා. මද වේලාවක් ක්‍රීඩාව නවතා මනසට විවේකයක් ලබා දෙන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here