Samsung සමාගම දැනට ලෝකයේ සිටින තාක්ෂණික දැවැන්තයෙක්. ආසියානු සමාගමක් වුවත් ලොව අංක එකේ ජංගම දුරකථන නිෂ්පාදකයා වන්නටත් සමත්ව සිටින සැම්සුන් සමාගම වඩාත් ප්‍රසිද්ධ වන්නේ ස්පර්ශ තිර (Touch Screen) නිපදවීම සම්බන්ධයෙනුයි. Apple සමාගමේ iPhone, iPad වැනි සුපිරි නිෂ්පාදන කිහිපයකම වගේත් ස්පර්ශ සංවේදී තිර නිපදවන්නේ සැම්සුන් සමාගම විසිනි. සැම්සුන් සමාගම විසින් පසුගියදා අන්තර්ජාලයට මුදා හැරි වීඩියෝ පටයක් මඟින් නුදුරු අනාගතයේ දී ස්පර්ශ සංවේදී අධි තාක්ෂණික තිර අපගේ එදිනෙදා ජීවිතයේ කටයුතු පහසු කරවීමට යොදාගත හැකි ආකාරය පිළිබඳව අපූරු වීඩියෝ පටයක් නිකුත් කරනු ලැබුවා.
ඒ වීඩියෝ පටයේ පහතින් දැක්වෙන නිෂ්පාදන පිළිඹිබු වේ.
– Flexible & Sensor integrated Display ( නම්‍යශීල තිර)
– Wall display (බිත්ති මත ස්ථාපිත ස්පර්ශ සංවේදී තිර)
– Foldable Display Alarm clock (නම්‍යශීලි ඔරලෝසු)
– Bended Display for kitchen (මුළුතැන්ගේ භාවිත වන නම්‍යශීලී තිර)
– Automotive Window Display (ජනෙල් මත ප්‍රක්ශේපණ තිර)
– Blackboard Display
– Unbreakable Display for school
– Edu-Desk system
– Transparent Elevator
– 3-Foldable Display
– Wearable Display
– Smart Window
– Foldable & Sensor Integrated Display
– Transparent Large Format Display






I need to know your advertising charges to publish an article/review on a different brand like this. Let me know how can I contact a Syco me agent.
Your website really sounds good as well as the name. Thank you!
Comments are closed.