Dell සමාගමේ අළුත්ම speckled gaming laptop එක.

0
650

ඔන්න දැන් Dell සමාගම ඔවුන්ගේ අලුත්ම gaming laptop එක launch කරලා තියෙනවා, ඒ තමයි Dell G15 gaming laptop කියන laptop එක. ඉතින් මේ G15 gaming laptop එකට ගොඩක් අලුත් specs and features තිළ තියෙනවා. ඉතින් මේ අලුත් laptop එකේ special feature එකක් තමයි මේ  laptop එකේ paint job එක. ඉතින් අපිට Speckles finish එකක් තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ  G15 laptop එක colors තුනකින් available වෙනවා, ඒ තමයි Spector Green with Speckles, Phantom Grey with Speckles සහ Obsidian Black. ඉතින් මේ laptop එකට use කරලා තියෙන්නේ low-VOC waterborne paint වෙනවා.

ඉතින් මේ අලුත් G15 gaming laptop එකේ තියෙන්නේ Nvidia RTX 3000-series graphics card (three performance options ranging up to 115W of TDP) එකක් වෙනවා.  ඒ වගේම  360Hz refresh rate එකක් තියෙන 15.6-inch display එකක්, USB 2.0 Ports 2, USB 3.2 Gen 1 (Type A) Ports, HDMI Port 1, Headphone and Mic Combo Jack 1 සහ RJ45 (LAN) Ports එකක්ද බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ laptop එකේ optional 4-zone RGB keyboard එකක් බලාගන්න පුළුවන් වෙනවා, ඒ වගේම මේ RGB light control කරන්න AlienFX software එල දීල තියෙනවා. ඉතින් අපි හිතනවා මේ Dell G15 gaming laptop එක ඉක්මනටම ලංකාවට ඒවි කියලා.