නොදන්නා අංකයකින් ඇමතුමක් ලැබුනද? ආපසු ඇමතුමක් නොගෙන අංකය කාගේද කියලා හොයා ගන්නේ මෙහෙමයි.

4

ශ්‍රී ලාංකීය ඔබට ඉතා වැදගත් සේවාවක් විස්තර කරන්නයි මේ යන්නේ. දුරකථනයක් භාවිතා කරන ඔබට අනන්තවත් නොදන්නා දුරකථන අංක වලින් ඇමතුම් හෝ missed calls ලැබෙනවා ඇතිනේ. ආපසු ඒ නොදන්නා අංකයට ඇමතුමක් ලබාගැනීම සමහර විට අනතුරුදායක වෙන්නත් පුළුවන්. පෙරලා ඇමතුමක් ලබා නොගෙන ඒ අංකය කාගේද කියලා හොයාගන්න පුලුවන් නම් කොච්චර වටිනවාද. ස්මාර්ට් දුරකථන භාවිතා කරන ඔබට දැන් මෙය ඉතා පහසුවෙන් සිදු කර ගන්න පුළුවන්. ස්මාර්ට් දුරකථනයක් නොමැති විටකදී පරිගණක web browser එකක් හරහා වුවද මේ තොරතුරු ලබා ගන්න පුළුවන්.

Trucaller කියන්නේ ලොව විශාලතම සත්‍යාපනය කල ජංගම දුරකථන භාවිතා කරන්නන්ගේ සමුහය. ස්වීඩනය මූලික කරගත් සමාගමක් වන මෙහි ලොව පුරා නිෂ්පාදන භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව මේ වන විට මිලියන 75 කට වඩා වැඩියි. මේ සේවාව සියයට සීයක්ම ශ්‍රී ලංකාව සඳහාත් සහයෝගය දක්වනවා. iOS, Android, Windows Phone, BlackBerry (7 & 10), Symbian S60 සහ Series 40 යන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති තුල මේ app එක install කරන්න පුළුවන්. මේ app එක භාෂා රාශියකින් භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. ඒ අතර සිංහල සහ දෙමල භාෂාවනුත් ඇතුලත්. ඔයාගේ දුරකථනයට ඇතුලත් කරන්න පුළුවන් දුරකථන අංක ප්‍රමාණයක් පවතිනවනේ. නමුත් මේ යෙදුම(app) භාවිතා කිරීම මගින් එම සංඛ්‍යාව අසීමිත වෙනවා.

Truecaller for Windows Phone,

Truecaller for Android,

Truecaller for iOS,

මේ යෙදුම ලොව පුරා ජනතාව අතර මේ තරම් ප්‍රචලිත වන්නට ප්‍රධානම හේතුව ජංගම දුරකථන භාවිතයේදී ඇති වෙන ප්‍රධානම ගැටලුවකට පිළිතුරු ලබා දීමට මෙය සමත් වන නිසයි. ලැබෙන ඇමතුම හදුනා ගැනීම හරහා spam දුරකථන ඇමතුම් වලක්වා ගැනීමට හැකියාව මේ හරහා ලැබෙනවා. මේ වන විට 30,000 කට වැඩි ශ්‍රී ලාංකීය spam දුරකථන අංක ප්‍රමාණයක් මේ යෙදුම හරහා වාර්තා වෙලා තිබෙනවා. මුලික වශයෙන් මේ යෙදුම හරහා ඔබට පහත සේවාවන් ලබා ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ සේවාව භාවිතයේදී පොඩි පුද්ගලිකත්වය(Privacy) පිලිබඳ ගැටළුවකුත් තිබෙනවා. මේ දත්ත ගබඩාවට දත්ත ලබා ගන්නේ ඔයාගේ ස්මාර්ට් දුරකථනයේ contacts වලින්.

• Caller ID: ඇමතුම ලැබෙන අංකය ඔබේ contacts නැති වුවත් ඇමතුම ලබා ගන්නා පුද්ගලයාව හඳුනා ගත හැකි වීම.
• Block: කරදකාරී දුරකථන අංක අවශ්‍යය නම් අවහිර කර ගත හැකි වීම.
• Search: ලොව ඕනෑම දුරකථන අංකයක් ඇතුලත් කර එහි හිමිකරුවා සොයා ගත හැකි වීම.

ඔබ භාවිතා කරන දුරකථනයෙහි මෙහෙයුම් පද්ධතියට අනුව පහත links හරහා මේ app එක download කරගන්නට පුළුවන්.

1. Android ස්මාර්ට් දුරකථන සඳහා.
2. iOS ස්මාර්ට් දුරකථන සඳහා.
3. Windows ස්මාර්ට් දුරකථන සඳහා.

ඔබ ස්මාර්ට් දුරකථනයක් භාවිතා නොකරන්නේ නම් ඔබට Truecaller වෙබ් අඩවියට ගිහිල්ලා මේ සේවාව භාවිතා කරන්නට පුළුවන්.

ඉහත වීඩියෝවෙන් මේ සේවාව සහ ලිපියෙහි නොකියූ බොහෝ කරුණු ඉතා සරලව පැහැදිලි කරනවා. අනිවාර්යයෙන් බලන්න. වඩාත් හොඳ ශ්‍රවන තත්වයක් උදෙසා headset එකක් භාවිතා කරන්න.

  • rjS

    මේකේ තව පැත්තක් තියෙනවා. ඒ තමා අපේ විස්තර හැම එකක්ම එයාලා එකතු කර ගන්නවා. ඉදිරියේදී මෙම ආයතන අපේ පින්තූර මුදලට විකිනුවොත් අපි පුදුම වෙන්න ඔනේ නැ. අනිත් දේ App වල විස්තර ඔක්කෝම ගන්නවා. Data traffic එක Monitor කරලා බලන්න. ඇත්ත කතාව පෙනේවි. මේ්ක හොද දෙයක් නෙවේ.

    • http://panthiya.com/ Yasitha Gunarathne

      ඒක තමා මාත් කල්පනා කරේ… මේ කට්ටිය ළඟ ඇත්තෙත් ඔය app එක install කරගෙන ඉන්න අයගෙ contact lists වලින් උස්සපු ඒවා. අපි ඕක install කරගන්නවා කියන්නෙ අපේ contact list එකත් උන් උස්සනවා… උස්සලා අනිත් අයට පෙන්නනවා.

  • Navod Anushan

    Me app eka use Karanida ape hoyana kena gawa me app eka thiyanid onna neda?

  • Naween Pathirage

    මාත් මේ ඇප් එක යුස් කරනවා. ඒත් මේකේ ලංකාවේ හැම නම්බර් එකකම විස්තර පෙන්නන්නෙ නැහැ.