මෙය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ( International Space Station) අභ්‍යවකාශ යානා කක්ශගත කිරීමට අසීරු කාල සීමාවක්. මෙයට හේතු වුනේ අභ්‍යවකාශ යාන තුනක් මගින් වෙන් වෙන් වශයෙන් කරන ලද පරීක්ෂණ ( Russia’s Progress, SpaceX’s Dragon හා Orbital Sciences’ Cygnus ) වල ප්‍රතිපල පරීක්ෂකයින්ගේ උපකල්පන වලට අනුව නොලැබීමයි.
පෙර හේතුව නිසාම තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට නොහැකි වූ සමාගමක් ලෙස Planet Lab සමාගම හැදින්විය හැකියි. උත්සාහය අත නොහැරී Planet Lab හි කණ්ඩායම SpaceX හා තවත් පරිවාර චන්ද්‍රිකා 34ක් කක්ෂගත කරනු ලැබුවා. මෙම SpaceX ප්‍රමුඛ චන්ද්‍රිකා මගින් පෘථිවිය නිරීක්ෂණයට ලක් කිරීමෙන් ලැබෙන තොරතුරු අවශ්‍ය නියමිත අවස්ථාවලදී පෘථිවියේ සිටින සේවා දායකන්ට ලබාදීමට කටයුතු කර තිබෙනවා.

අපේ අපේක්ෂාවන් උත්සාහයන් බිද වැටීම අපිව මහත් කම්පනයක් ඇති කරනවා

ලෙස Planet Labs හි සභාපති වන රෝබී ශින්ග්ලර් ( Robbie Schingler ) මහතා ඩිස්කවරි පුවත් ( Discovery News) වෙත ප්‍රකාශ කර තිබෙනවා.

Planet Labs සමාගම ඔවුන්ගේ Dove චන්ද්‍රිකා (Dove satellite) 2ක් හැකි ඉක්මනින්ම SpaceX වෙත යවනු ලැබුවා. නමුත් ඉන් එකක් පමණයි සාර්ථකව කක්ෂගත කර ගැනීමට හැකිවුනේ. මෙම සිද්ධිය සිදු වුනේ මීට මාස කිහිපයකට පෙරයි. ඒ වගේම තවත් අභ්‍යවකාශ යාන 14ක් ජපානය මගින් පිහිටුවන ලද අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් වෙත යැවීමට බලාපොරොත්තු වන බව මොවුන් ප්‍රකාශ කරනවා.
Planet Lab සමාගම ආරම්භ කරනු ලැබුවේ මිට වසර කිහිපයකට පෙර, මේ මගින් කක්ෂ ගත කරන චන්ද්‍රිකා මගින් පෘථිවියේ අනුරූපණයන් සිදු කරනවා. මේ සදහා තවත් කුඩා චන්ද්‍රිකා (mini-satellites) 100 ක් පමණ යොදා ගනු ලබනවා.
Planet Lab සමාගම වසර 4ක කාලයක් තුල ඩොලර් මිලියන 183කට ( $ 183 million) ආසන්න මුදලක් උපාය තිබෙන අතරම දිනෙන් දිනම මොවුන්ගේ ආදායම ඉහල යන නමුත් මොවුන්ගේ දළ ආදායම, පිලිබදව මොවුන් නිශ්චිත වශයෙන් තවමත් ප්‍රකාශ කර නැහැ.
එමෙන්ම මොවුන්ගේ සමාගමේ සේවයේ නියුතු පිරිසත් දිනෙන් දින ඉහල යනවා. පසුගිය වසරේ 65ක් පමණ වූ සේවක ප්‍රමාණය මේ වසර වන විට 145ක් බවට පත්ව තිබෙනවා.

cubesat-01-140218

Planet Lab ප්‍රධාන ශාඛාව සැන් ෆ්රැන්සිස්කෝ (San Francisco) වල පිහිටා ඇති අතරම උප ශාඛාවන් කීපයක් ටෙක්සාස් (Texas) හා වොෂිංටන් (Washington) වල පිහිටා තිබෙනවා.
මේ වනවිට අභ්‍යවකාශයේ කක්ෂ ගත කරන කල Planet Lab හි චන්ද්‍රිකා දුසිම් 3කට (3 dozen) ආසන්න ප්‍රමයක් තිබෙනවා. මේවයින් බොහොමයක මෙහෙයුම් කාලය ( Operation life time) මාස 6ත් 9ත් අතර ප්‍රමාණයක්. මෙහෙයුම් කාලය කෙටි වුවත් මේවා මෙහෙයුම් ක්‍රියාවලියේ යෙදෙන කාළ පරාසය තුල අවශ්‍ය තොරතුරු අවශ්‍ය අවස්ථාවන් වලදී ලබාදයි. මෙහෙයුම් කාල සීමාව වසර 2 සිට 5 දක්වා දීර්ඝ කිරීමෙන් නිෂ්පාදනය කරන ලද නව චන්ද්‍රිකා කක්ෂගත කිරීමට සැලසුම් කරගෙන සිටිනවා.
තාක්ෂණයේ දියුණුවත් සමගම නිෂ්පාදනය කල විභේදන බලය පික්සලයට මීටර් 3ක් 5ක් (3m-5m per mega pixel) වන අධික විභේදන බලයක් ඇති (higher resolution) කැමරා සහිත චන්ද්‍රිකා කක්ෂගත කිරීමට නියමිතයි.
Planet Lab සමාගම උප චන්ද්‍රික 100කට අධික ප්‍රමාණයක් කක්ෂගත කිරීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට සැලසුම් කරගෙන සිටින බවක් ආරංචිමාර්ග සදහන් කර සිටිනවා.
ඔවුන් ඔවුන්ගේ අනුග්‍රාහක සමාගම් සමග එක්ව මේ වනවිට මේ දේවල් පිලිබදව පරීක්ෂණ සිදු කරමින් පවතින නමුත් මේ තොරතුරු ලොවට හෙළිකිරීමට ප්‍රතිපල ලැබීමේ වේගය සහ ධාරිතාවය ඉහලයන තෙක් සිටින බවක් සිතිය හැකියි. මේ තොරතුරු හෙළිකිරීමට පෘථිවියේ ස්වභාවික සාධක හා වානිජ සාධක බලපෑ හැකි බව පරීක්ෂණ කණ්ඩායම් පවසා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here