Android app සඳහා නිළ වෙබ් අවඩිය වන Google Play Store එක මුලදී Apple App Store සමඟ සසඳන විට බොහොම පහළ මට්ටමක පැවතියත් දැන් දැන් මිලියන ගණනක් App සඳහා නවාතැන සපයමින් ඉහළින්ම වැජබෙමින් සිටී.
මේ මිලියන ගණනක් app අතුරින් හොඳම apps තේරීම ඉතාමත් අපහසු කාර්යයක් වුනත් පහතින් දැක්වෙන්නේ නොමිලයේ හෝ මිලදී ගත හැකි මේ 2013 වසරේ දී නිකුත් වූ හොඳම app කිහිපයකි.
Call of Duty: Strike Team
දැනට මේ ක්‍රිඩාව භාවිත කල හැකි වන්නේ සීමීත ජංගම දුරකථන ගණනකට පමණක් වුවත් Call of Duty: Strike Team නිකුත් වීමටත් පෙර සිටම දැඩි අවධානයක් හිමි කරගත් app එකක් ලෙස හැඳින් විය හැකි. විශිෂ්ඨ graphics හා සුපිරි ක්‍රීඩා විලාශය නිසාම අතිශය ජනප්‍රියත්වයට පත්වුනු මේ ක්‍රීඩාව සාම්ප්‍රදායික first-person shooter ලෙසින් මිදී, කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළ හැකිවීමද තවත් විශේෂත්වයක්.
Get it now for £4.33 from Google Play.
Temple Run 2
Temple Run 1 ක්‍රීඩාව අතිශය ජනප්‍රිය ක්‍රීඩාවක් වූ අතර ඒ නිසාම විවිධ විවිධ නම් වලින් හා විවිධ විවිධ ආකාරයෙන් Temple Run වැනි ක්‍රීඩා බිහි වුවත් මේ දෙවන සංස්කරණය ඒ හැමටම වඩා ඉදිරියෙන් සිටිනවා. Action ක්‍රිඩා වලට වඩා පලායන්නෙකුගේ හැඟිම ගෙනදෙන මේ ක්‍රීඩාව විටෙක බොහෝමත්ම ඇබ්බැහි වන සුළු නිසා ප්‍රවේසමෙන් අත්හදා බලන්න. අනෙකුත් ක්‍රිඩා මෙන් නොව Temple Run 2 ක්‍රිඩා කිරීම සඳහා ඔබට සුපිරිම තත්වයේ performance ඇති ජංගම දුරකථනයක් අවශ්‍ය නොවේ.
Get it now for free from Google Play.
Asphalt 8: Airborne
රේසිං ක්‍රිඩාවට කැමති අයෙක්නම් දැනටමත් ඔබ Asphalt පිළිබඳ අසා නැතිවා වන්නට බැහැ. එහි නවතම සංසකරණය වූ Asphalt 8: Airborne නොමිලයේ ලබාගත හැකි games අතුරින් හොඳම ගණයට වැටෙන android app එකක් ලෙස හැඳන්විය හැකියි. නමුත් සාමාන්‍ය ජංගම දුරකථන ක්‍රීඩාවකට වඩා ප්‍රමාණයෙන් විශාල දත්ත ප්‍රමාණය භාගත කිරීම සඳහා වැයවේ. (ආසන්න වශයෙන් 1.56 GB) මේ නිසා WiFi සම්බන්ධතාවය නොමැතිව භාගත කිරීම ඔබට දහස්ගණනක ජංගම දුරකථන බිලකට හිමිකම් කීමට හේතු වනු ඇත.
Get it now for free from Google Play.
Rayman Fiesta Run
Rayman Jungle Run නම් වූ මේ ක්‍රිඩාවේ නවතම සංස්කරණය යි Rayman Fiesta Run. වඩා නිවැරදිව සියුම් ලෙස චලන ස්පර්ශ සංවේදී වීම විශේෂත්වයක්.
Get it now for £2 from Google Play.
Strata Free
Puzzle game ප්‍රියකරන්නන් වෙන්වෙන් තැනුනු වෙනස්ම ආකාරයේ ක්‍රිඩාවක්. පහලින් දැක්වෙන් රටාවට ගැලපෙන සේ රේන්ද එකිනෙක මත එලීමයි මෙහි අභියෝගය. පහසු අභීයෝගයක් ලෙස පෙනුනත් තරමක් හොඳ මොළයක් තිබිය යුතු ක්‍රීඩාවක්.
Get it now for free from Google Play.
CyanogenMod Installer
සමහර විට එබ Cynogenmod පිළිබඳව දැනට අසා නැති වන්නට පුළුවන්. Cynogenmod යනු android මෙහෙයුම් පද්ධතිය මත පදනම් ව වැඩිදියුණු කරන ලද මෙහෙයුම් පද්ධතියක්. ලොව පුරා මිලියන 5ක අධික ප්‍රමාණයක් දැනටමත් භාවිත කරන මේ මෙහෙයුම් පද්ධතිය android වල පණවා ඇති නොයෙකුත් සීමාවන් සඳහා කදිම විසඳුමක්. Cynogenmod installer app නිකුත් වීමට ප්‍රථම Cynogenmod ස්ථාපිත කිරීම බෙහෙවින් දුෂ්කර වූ නමුත් මේ app එක නිකුත් වීමත් සමඟ ඒ ගැටළුවට විසඳුමක් ලැබිණ.
සැ. යු. මේ app ස්ථාපිත කොට ජංගම දුරකථනය root කිරීම ඔබගේ ජංගම දුරකථනයේ වගකීම අවලංගු වීමට හේතු වේ.
Get it now for free from Google Play.
Camera Awesome
සහාය දක්වන උපංග ගණන සීමිත වුවත් android කැමරා app අතර හොඳම ගණයට වැටෙන app එකකි. කාච විවරයේ ප්‍රමාණය (exposure) වෙනස් කළ හැකි වීම, ඕනෑම තැනකට focus කළ හැකි වීම හා විවිධ ආකාරයේ effects හා filters සහිත වීම විශේෂත්වයකි. මෙම filters ප්‍රමාණයෙන් විශාල හොඳ තත්වයේ filters වීම නිසා විශාල ප්‍රමාණයේ ඡායාරූප සඳහාද යොදාගත හැක.
Get it now for £1.87 from Google Play.
Toy Story: Story Theater
මේ app එකනම් පුංචි අයට කියලයි කියන්නේ. ඒත් ඇත්තටම මේ app එක ඕන වයසක කෙනෙක්ට විනෝදය ගෙනදෙන app එකක්. සරලවම ගත්තොත් කතාන්දර ගොතන්නට Toy Story චරිත යොදාගන්නට පුළුවන් app එකකි.
Get it now for £1.87 from Google Play.
Into the Dead
Walking Dead ටෙලි නාට්‍ය මාලාව නරඹන කෙනෙක් නම් මේ ක්‍රීඩාව ඔබටයි. zombiesලාගෙන් බේරී ආයුධ සන්නද්ධව ඉදිරියට ගමන්කරන්නටය මේ ක්‍රිඩාව ක්‍රිඩා කරන්නාට සිදුවන්නේ. නමුත් මා දකින විදියට නම් මෙහි ක්‍රීඩා සංකල්පය තරමක් පැටලිලි සහගත යි.
Get it now for free from Google Play.
Real Boxing
Unreal Engine 3 නිසා තාත්වික ලෙස චරිත නිර්මාණය වී ඇති මේ බොක්සින් ක්‍රිඩාව, ලොව පුරා වෙසෙන සයිබර් බොක්සින් ක්‍රීඩකයන් හා තරඟ කිරීමට මෙන්ම තනි තනි තරඟ සඳහාද උචිත යි.
Get it now for £1 from Google Play.
GO Launcher Prime
Android වල විශේෂත්වය වන්නේ එහි User Interface එක අවශ්‍ය අයුරින් වෙනස් කරගත හැකිවීම යි. Go Launcher Prime යනු එලෙස විවිධ අයුරින් වෙනස් කර ගැනීම සඳහා සැකසුනු app අතුරන් හොඳම සහ වැඩිම ප්‍රමාණයක් විශේෂතා අඩංගු app එකකි. මෙහි නොමිලයේ ලබා දෙන සංස්කරණයක්ද ඇත.
Get it now for £3.71 from Google Play.
Google CloudPrint
අන්තර්ජාලය ඔස්සේ මුද්‍රණ කටයුතු කරගන්නට Google Cloud Printing සේවය අගනා app එකකි. අන්තර්ජාලයට පරිගණකයක් ඔස්සේ හෝ ස්වයංව සම්බන්ධ කරන ලද මුද්‍රණ යන්ත්‍රයකට ලිපි ලේඛන යොමුකර ඕනෑම තැනක සිට මුද්‍රණ කටයුතු සිදුකල හැකි app එකකි.
Get it now for free from Google Play.