නාගරික වාහන තදබදය කෙමෙන් කෙමෙන් ඉහළ යනවාත් එක්කම කුඩා ප්‍රමාණයේ City Car වලට ලෝකයේම අවධානය යොමුවෙලා. මේ City Car අතරිනුත් වැඩිම අවධානයක් දිනාගත්තේ Smart නම් මෝටර් රථයයි. ඉතින් මේ Smart කාර් අතරට අලුතෙන්ම සාමාජිකයෙක් එක්වෙලා. ඒ තමයි Smart ForTwo 2015 මෝටර් රථය. නමින්ම තේරෙනවා ඇති නේ. මේ කාර් එකේ උපරිම දෙන්නෙකුට විතරයි එකවර ගමන්කරන්න පුළුවන්.
මීට පෙර නිකුත් වූ Smart කාර් ජනප්‍රිය වීමට හේතුවූ සියළුම දේවල් ඒ ආකාරයටම තියාගෙන තාක්ෂණික අතින් තවත් අලුත් වෙන්නට මේ හුරුබුහුටි මෝටර් රථයට හැකිවෙලා.
Smart කාර් නිර්මාණය වුනේ නගරබද වාහන තදබදයටත්, අධික ඉන්ධන නාස්තියටත් විසඳුමක් ලෙසයි. සාමාන්‍යයෙන් මිලියන ගණනක ජනතාවක් දිනපතා රැකියා වලට පිටත් වනවා. ඉතින් මේ අධික ජනගහනය විශාල මෝටර් රථ භාවිතයට පෙළඹීම නිසා අධික මාර්ග තදබදයක් ඇති වනවා. ඒ වගේම බොහොමයත් මෝටර් රථවල ගමන් ගන්නේ එක්කෙනක්. නැත්නම් උපරිම දෙන්නෙක්. ඉතින් මෙන්ම මේ සිදුවන මුදල් හා කාලය නාස්ති වීම වළක්වා ගන්නට උචිතම විසඳුම ලෙස Smart ForTwo හඳුන්වන්න පුළුවන්. මීටර් 2.6 ක උපරිම දිගකින් යුත් මේ මෝටර් රථය ඉතා කුඩා ඉඩක වුවත් පහසුවෙන් හරවන්න පුළුවන්. ඒ කියන්නේ මීටර් 6.95 ක කුඩා ඉඩක් විතරයි මේ වාහනය හරවන්න අවශ්‍ය වෙන්නේ.
සුවපහසුව
ඒ වගේම මේ වාහනයේ සුව පහසුව ගැනත් එහි නිෂ්පාදකයින් වැඩි අවධානයක් යොමුකරලා. ඒ නිසා තරමක කැඩුණු බිඳුනු පාරක වුනත් සුව පහසු ලෙස ගමන් කරන්නට මේ Smart කාර් එකට පුළුවන්.
ආරක්ෂාව
ඒ වගේම නගරබද ධාවනයේදී වැදගත්ම දෙයක් තමයි අරක්ෂාව. කුඩා කාරයක් නිසා වේගයෙන් ධාවනයේදී සුළඟ නිසා ඇතිවන බලපෑම ගැන සැලකිලිමත් විය යුතුමයි. ඒ වගේම මාර්ග තදබදය සහිත මාර්ගයක ධාවනයේදී ක්ෂණිකව තිරිංග යොදන්නටත් අවශ්‍ය වනවා. මේ මෝටර් රථය ඒ සියළුම අභියෝග වලට සාර්ථකව මුහුණ දෙනවා. ඊට අමතරව ඉදිරියෙන් හෝ පිටුපසින් සිදුවන ඝට්ඨනයන් පිළිබඳව රියදුරු දැනුවත් කරන්නටත්, නිවැරදි මංතීරුවේ ධාවනයට රියදුරුට සහාය වීමත් Smart Car සමත් වෙනවා.
එංජිම
මීට ප්‍රථම Smart කාර් වලට වඩා මේ Smart ForTwo මෝටර් රිය විශේෂ වන්නේ ධාරිතා 2කින් මිලදීගත හැකි සිලින්ඩර 3ක එංජිම හා Dual Clutch තාක්ෂණයයි. Dual Clutch මෝටර් රථවල ගියර් මාරුකිරීම වඩාත් සුමට අයුරින් කල හැකි නිසා එය වාහන තදබද සහිත මාර්ගයකට වඩාත් උචිතයි. ඒ වගේම ඔබට අවශ්‍ය පරිදි Manual හෝ Automatic ලෙස පහසුවෙන් ගියර් මාරු කිරීමටත් මේ Dual Clutch තාක්ෂණය ඉවහල් වනවා.
ඉන්ධන භාවිතය
සාමාන්‍ය සම්මත තත්ව යටතේ ධාවනයේදී ඩීසල් ලීටරයකින් 22Km පමණ ධාවනය කරන්නට මේ කුඩා මෝටර් රථයට හැකියාව තිබෙනවා. ඒ වගේම මේ මෝටර් රථයේ විදුලියෙන් ධාවනය වන version එකකුත් මිලදී ගන්නට පුළුවන්.
මේ Smart ForTwo කාර් පරම්පරාවේ තුන්වන සාමාජිකයායි. 1998 දී මුල්ම Smart ForTwo මෝටර් රථය නිපදවූ අතර එය මේ වන විට රටවල් 42කට අධික ප්‍රමාණයක ප්‍රචලිතයි. හැබැයි මේ වනතෙක් ලංකාවට නම් Smart Car ඇවිත් නැහැ.
මිල
පුංචි වුනාට මේ මෝටර් රථයේ මිලනම් පුංචි නැහැ. මෑතකදී නිකුත් වුනු 2015 Smart ForTwo මෝටර් රථය ඩොලර් 29000ක් පමණ වනවා. ඉතින් ලංකාවට ආවත් VAT/TAX වගේ බදු එකතු වුනාම මේ වගේ කාර් එකක් මිලදී ගන්න මුදලින් හොඳ Hybrid එකක් ගන්න පුළුවන් නේ. ඒ වුනත් ඉතුරු වෙන කාලයත් මුදලත් එක්ක බලනකොට නම් වැඩි මිලක් දීලා ගත්තත් පාඩුවක් වෙන එකක් නැහැ. වැදගත්ම දේ තමයි Smart කියන්නෙත් Benz සමාගමේම නිපැයුමක්.
Hope to see this kind of City Car made in Sri Lanka soon, but with a low budget.
Comments are closed.