ප්රංශයේ හදවත බඳු වසර 850 ක පමණ ඉතිහාසයක් ඇති කිතුනු පෞරාණික නෝත්ර ඩෑම් දේවස්ථානය පසුගිය සඳුදා එනම් 2019.04.15 වන දින විශාල ගින්නකට ලක් වුවා. විශාල ඓතිහාසික වටිනාකමකින් යුතු මෙම දේවස්ථානය පැය 9 කට අසන්න කාලයක් ගිණිගෙන ඇති අතර එම නිසා මෙම දේවස්ථානයට දැඩි ලෙස විනාශයට පත් වී තිබෙනවා.

ගින්නට හසු වූ නෝත්ර ඩෑම් දේවස්ථානයේ දැවමය කොටස් කිහිපයක්
මෙම විනාශයෙන් පසුව පෞරාණික නෝත්ර ඩෑම් දේවස්ථානයට නැවතත් ප්රාණය දීමට ලෝකයේ ප්රබල තොරතුරු තාක්ෂණික සමාගමක් වන Apple සමාගම ඉදිරිපත් වී තිබෙනවා. අද උදැසන Apple සමාගමේ ප්රධාන විධායක නිලධාරී “Tim Cook” විසින් ඔහුගේ නිල Twitter ගිණුමෙහි මේ පිළිබඳව සටහන් කර තිබෙනවා.

තවද නෝත්ර ඩෑම් දේවස්ථානය ප්රතිනිර්මාණය සඳහා මේ වනවිට ප්රංශයේත් ප්රමුක පෙළේ දනවතුන් කිහිපදෙනෙකුම ඇතුළුව විශාල ධානපතියන් පිරිසක් ඉදිරිපත්ව තිබෙන බවට තොරතුරු වාර්තා වෙන අතර මේ වනවිට අන්තර්ජාතික වශයෙනුත් මෙම ප්රතිනිර්මාණය සඳහා තම දායකත්වය ලබාදීමට රටවල් කිහිපයක්ම ඉදිරිපත් වී තිබෙන බව සඳහන් වෙනවා.
දැනට සම්පුර්ණයෙන්ම ගින්න නිවාදමා ඇති නෝත්ර ඩෑම් දේවස්ථානයේ ප්රති නිර්මාණ කටයුතු ඉතාමත් ඉක්මනින් අරඹනු ඇති අතර මේ පිළිබඳව තවත් තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අපි සූදානම්.


