Apple Headphone එකක් වෙළඳපොළට?

0
2068
Image Copyright: archyde.com

Apple කිව්වම ඉතිං නොදන්න කෙනෙක් නැති තරම්. විශේෂයෙන්ම Apple Products ගැන ලෝකයේම ඉතා විශාල ඉල්ලුමක් තිබෙනවා. ඉතින් මේ දවස්වල ගොඩ දෙනෙක් කතාවෙන දෙයක් තමයි මීළඟ Apple Devices මොනවද කියන කාරණාව. කොහොම වුවත් අලුතෙන්ම ආරංචි වෙන විදිහට Apple සමාගම විසින් මෙතෙක් කාලයකට නිෂ්පාදනය නොකළ අලුත්ම Product එකක් එළිදක්වන්න සුදානමින් සිටින බව සඳහන්. 

“Apple AirPods (X Generation)” ලෙස නම් කරන ලද මෙම Product එක “HeadPhone” එකක්. ඇමරිකානු ඩොලර් 399 වැනි මිළකට වෙළඳපොළට නිකුත් වනු ඇති බවට සඳහන් වන මෙම “HeadPhone” එක වර්ණ තුනකින්ද සමන්විත බව අන්තර්ජාල තොරතුරු වාර්තා කරනවා. Apple සමාගම මෙවැනි “Bluetooth Headphone” එකක් නිපදවන බවට මීට කලකට ඉහතදීත් වාර්තා වූ අතර එය නොයෙකුත් හේතුන්මත ප්‍රමාද වුවත් මෙවර එය වෙළඳපොළට නිකුත් වනු ඇති බවට තොරතුරු අනාවරණය වෙනවා.

කොහොම වුවත් මෙම නිෂ්පාදනය පමණක් නොවේ. Apple සමාගම විසින් තව නොබෝ දිනකින් අලුත්ම නිෂ්පාදන රාශියක් එළිදැක්වීමට නියමිතයි. ඒ අතර සුවිශේෂීම දෙයක් ලෙස නවතම තාක්ෂණයෙන් යුත් අඟල් 4.7 කින් යුක්ත බජට් iPhone දුරකථනයක්ද මෙවර වෙළඳපොළට නිකුත් කිරීමට Apple සමාගම සුදානමින් සිටින බව සඳහන්. කෙසේ වෙතත් මෙම තොරතුරු Apple සමාගම විසින් නිල වශයෙන් තහවුරු කර නොමැති අතර අන්තර්ජාලයේ ඇති තොරතුරු බොහෝදුරට වෙනස්වීමට ඉඩකඩ පවතිනවා.