Android Weekly 02 – මේ සතියේ අැන්ඩ්‍රොයිඩ් ලෝකයේ පෙරළිකාර සිදුවීම්

, , Leave a comment

ඇන්ඩ්‍රොයිඩ් ලෝකයේ පසුගිය සතියේ සිදූවූ පෙරළිකාර සිදුවීම් අතර නව HTC One (M8) දුරකථනය පිළිබඳ තවත් තොරතුරු අනාවරණය වීම, OnePlus නම් වූ අපූරු ජංගම දුරකථනය, Google Apps සඳහා තවත් වෙනස්කම් කිහිපයක් සිදුවීම, Galaxy S5 premium ජංගම දුරකථනයක් පිළිබඳ පැවති කටකතා අසත්‍ය බව ඔප්පු වීම. Windows – Android ද්විත්ව මෙහෙයුම් පද්ධති පිළිබඳ Intel සිහිනය බොඳවීම සහ LG smartwatch පිළිබඳ තවත් තොරතුරු හෙළිවීම වැදගත් වනවා.

නව HTC One සඳහා කැමරා 3ක්

නව HTC One (Code Neme: M8) ජංගම දුරකථන තව දින කිහිපයකින් (මාර්තු 25) නිකුත් වීමට නියමිත අතර මේ වන විට බොහෝමයක් විශේෂතා හෙළිවී හමාරයි. මීට පෙර අප ඔබ වෙත HTC One ඇතුලත් මිනිත්තු 8ක වීඩියෝවක් ගෙන ආවා මතක ඇති. ඒ අතර GSMArena විසින් පළ කරන ලද පත්‍රිකාවක සටහන් අයුරින් නව HTC One දුරකතනය සතුව පසුපස කැමරා 2ක් ඇතුලත්. Duo Camera ලෙසින් හැඳින්වෙන මේ නව තාක්ෂණය මඟින් ඡායාරූප සඳහා Selective Focus පහසුකම, 3D Effects ද පසුබිම බොඳ කරන background defocusing වැනි පහසුකම් සඳහා මේ අමතර කැමරාව යොදාගනු ඇති බවයි පැවසෙන්නේ.

HTC One 2014 Specification

OnePlus මෙහෙයුමට සියල්ල සූදානම්

oneplus-540x303

දැවැන්ත සමාගම් වලට පහරක් එල්ල කරමින් නව චීන සමාගම් ජංගම දුරකථන ලෝකය අවතීර්න වන අවස්ථාවක් ලෙස අපි ඔබට Oppo ජංගම දුරකථන පිළිබඳව සඳහන් කලා. මේ එවැනි නව සමාගමක්. නව ජංගම දුරකථනයක්. OnePlus ලෙසින් හැඳින්වෙන මේ නව දුරකථනය අඩු මිල එහෙත් උසස් තත්වයේ ජංගම දුරකථන ගණයට අයත් වේ. (උදා Nexus 5, Moto G).

මෙහි විශේෂාංග අතර Moto X හි මෙන් සම්පූර්ණයෙන්ම වාගේ කටහඩෙන් පාලනය කළ හැකි වීම. අධිබල 3100mAh බැටරියකින් හා අඟල් 5.5ක 1080p Full HD තිරයකින් සමන්විත වන මේ ජංගම දුරකථනය 2.3 GHz Quad Core Snapdragon 800 CPU එකකින් බල ගැන්වේ. එමෙන්ම Android Cyanogenmod මෙහෙයුම් පද්ධතිය මෙහි නිළ මෙහෙයුම් පද්ධතිය වේ.


Google වෙතින් අලුත් පහසුකම් රැසක්

google-drive-cut-its-premium-fee

Google Drive මිල ගණන් දැවැන්ත ලෙස අඩුවේ.

මෙතෙක් පැවති Google Drive සඳහා වූ මිල විශාල ලෙස අඩු කිරීමට Google තීරණය කර තිබෙනවා. ඒ අනුව නොමිලයේ ලබා දෙන 15GB අමතරව 100GB ලබා ගන්නේ නම් මින් පෙර මසකට $4.99 ක් ගෙවිය යුතු වුවත් දැන් ඒ අගය $1.99 පමණයි. එමෙන්ම 1TB වැනි දැවැන්ත ඉඩ ප්‍රමාණයකට Google විසින් අය කරනුයේ  $9.99 ක් පමණි. මීට පෙර 1TB සඳහා $49 ගෙවීමට සිදුවූ අතර Microsoft OneDrive හි මසකට ඒ මුදලට ලබාගත හැක්කේ 100GB අවකාශයක් පමණයි.

>>Google Drive Price List

මීට අමතරව Google Translate විසින් දැන් තවත් භාෂා 13ක් සඳහා අත් අකුරු පරිවර්ථනය සඳහා සහාය දක්වනවා. නමුත් අවාසනාවකට තවමත් සිංහල භාෂාව Google Translation හරහා පරිවර්ථනය කළ නොහැක.

එමෙන්ම අන්තර්ජාලය තුල ගනුදෙනු සඳහා වන Google Wallet වෙත දැන් Orders නමින් අංගයක් ද එකතු වී ඇති අතර ඒ හරහා ඔබට ඔබේ අන්තර්ජාල ගණුදෙනු පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ලබාගත හැක.

Google Play Store සඳහාද updates නිකුත් වූ අතර ප්‍රධාන වශයෙන් in-app purchases සඳහා නව ආරක්ෂක විධි ඇතුලත් කර ඇත. මීට අමතරව සුළු සුළු bugs ද නිවැරදි කර ඇත.


Galaxy S5 සඳහා Premium සංස්කරණයක් නැහැ.

samsung-galaxy-s5

Samsung Galaxy S5 සඳහා තත්වයෙන් උසස් නව සංස්කරණයක් නිකුත් වන බවට අන්තරජාලයේ පැවති නොයෙක් කටකතා බොරු කරමින් Samsung CEO JK Shin පවසා සිටියේ එලෙස නව සංස්කරණයක් නිකුත් නොවන බවයි. එමෙන්ම Galaxy S5 නිකුත් වී මේ තරම් සුළු කාලයකින් අලුත් සංස්කරණයක් නිකුත් වීම සමාගමක් ලෙස අවාසිදායක දෙයක්.


Dual OS සමඟ වින්ඩෝස් ඇන්ඩ්‍රොයිඩ් දීගයට බාධා

ativ-q-dual-os

Dual OS සමඟ වින්ඩෝස් ඇන්ඩ්‍රොයිඩ් දීග යයි ලෙස අප පළ කළ ලිපිය ඔබ මතක ඇති. ඒ ලිපියට අනුව Windows හා Android එකම උපකරණයක ක්‍රියාත්මක වන ආකාරයේ Tablet පරිගණකයක් Intel විසින් හඳුන්වා දෙනු ලැබූවා. නමුත් මෑතකදී Microsoft සමාගම විසින් නිකුත් කරන ලද ක්‍රියාමාර්ගයකට අනුව මින් ඉදිරියට Dual OS සඳහා Windows සහාය දක්වන්නේ නැති බව පවසයි. එමෙන්ම මීට සමාන අදහසක්ම නිකුත් වන ප්‍රතිපත්තියක් Google විසින්ද සිය නීති රෙගුලාසි සඳහා ඇතුලත් කර ඇත. ඒ නිසා මින් පසුව Windows හා Android එකම උපරකණයක දැකීම සිහිනයක් වනු ඇත.


LG/Google Smartwatch Specs හෙළිවේ

4_verge_super_wide [Original Resolution]

මීට දින කිහිපයකට පෙර හඳුන්වා දුන් Android Wear මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන LG G Watch හා Motorola 360 Smart Watch පිළිබඳව Syco Me අප මීට පෙර කතාබහේ යෙදුනා. දැන් වාර්තා වී ඇති අන්දමට LG G Watch ස්මාර්ට් ඔරලෝසුව පහතින් දැක්වෙන පහසුකම් වලින් යුක්තයි.

 

පහතින් දැක්වෙන comment තීරුව ඔබේ අදහස් යෝජනා හා ගැටළු සඳහා විවෘතයි.

 

Leave a Reply