Android Weekly 01 – මේ සතියේ අැන්ඩ්‍රොයිඩ් ලෝකයේ පෙරළිකාර සිදුවීම්

, , Leave a comment

මේ සතිය ඇන්ඩ්‍රොයිඩ් ලෝකය තුල පෙරළිකාර සිදුවීම වගේම අලුත් නිමැවුම් කිහිපයක්ම නිපදවුනු සතියක්. HTC One දුරකථනයේ අලුත්ම සංස්කරණය ගැන නිල නොවන වීඩියෝ පටයක් නිකුත් වුනා, Paranoid Android මෙහෙයුම් පද්ධතියේ ඉදිරි බලාපොරොත්තු හඳුන්වා දුන්නා, Google Apps කිහිපයකම update නිකුත් වුනා, Samsung Galaxy S4 සඳහා Android 4.4 KitKat සංස්කරණය නිකුත් වුනා,Oppo Find 7 පෙරළිකාර ජංගම දුරකථනය පිළිබඳව ආරංචි ලැබුනා, ඒ වගේම Samsung සමාගම විසින් Milk Music නමින් Google Play Music, iTunes වැනි සංගීත සැපයීමේ සේවයක් හඳුන්වා දුන්නා.


Hands-on with the all new HTC One

HTC-One-2014-leak

මාර්තු 25 නිකුත් වීමට නියමිත HTC One නව සංස්කරණය පිළිබඳව පැවති බොහෝ කටකතා බොරුකරමින් නව ජංගම දුරකථනය භාවිත කරන කෙනෙකුගේ විනාඩි 8ක විඩියෝ පටයක් අන්තර්ජාලය වෙත නිකුත්ව තිබෙනවා. ඒ අනුව පැරණි HTC One දුරකථනයට වඩා ප්‍රමාණයෙන් තරමක් විශාල, එමෙන්ම පැරණි සංස්රකණයේ පැවති අඩුපාඩු කිහිපයක්ම නිවැරදි කරන ලද උසස් නිමාවකින් යුතු ජංගම දුරකථනය මාර්තු 25 වනදි HTC සමාගම විසින් එළිදක්වනු ඇතැයි සිතිය හැක.

Video


Paranoid Android goes all KitKat

paranoid-android-pie

සුප්‍රසිද්ධ custom ROM එකක් ( CynogenMod වැනි වෙනස් කරන ලද Android මෙහෙයුම් පද්ධතියක් ) වන Paranoid මෙහෙයුම් පද්ධතිය සිය නවතම මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දුන්නා. KitKat මත පදනම් වන නව මෙහෙයුම් පද්ධතිය Stock Android (Google විසින් නිකුත් කරන ලද) මෙහෙයුම් පද්ධතියට ආසන්න වශයෙන් සමාන, නමුත් වඩා වේගවත් හා උසස් නිමාවකින් යුතු මෙහෙයුම් පද්ධතියක් ලෙසයි මේ නව මෙහෙයුම් පද්ධතිය හඳුන්වා ඇත්තේ.


Sweet Google updates

Google-Play-Music-radio-710x399

පසුගිය දින කිහිපයේ දී Google විසින් සිය apps කිහිපයක් සඳහාම updates නිකුත් කරනු ලැබුවා. ඒවා අතරට Chrome Beta, Play Games සහ Play Music ද ඇතුලත්. නමුත් වැදගත්ම update එක ලෙස සැලකිය හැක්කේ Text to Speech engine සඳහා වඩා උසස් හා තාත්වික කටහඬක් හඳුන්වා දීමයි. ඒ අනුව දැන් ඔබේ ජංගම දුරකථනය වඩාත් තත්වික ලෙස ඉංග්‍රීසි උච්චාරණය කරනු ඇත. ඒත් සිංහල? නෑ දැන්ම නෙවෙයි.


KitKat hits the Galaxy S4

galaxy-s4-vs-optimus-g-pro-aa-s4-gaming

වැඩිම පිරිසක් බලාසිටි දෙයක් වූ Samsung Galaxy S4 දුරකථනයට Android නවතම මෙහෙයුම් පද්ධතිය වන KitKat නිකුත්වීම සිදුවූයේත් මේ සතියේදීයි. ඒ අනුව ඉදිරි දින කිහිපය තුල ආසියවේ හා යුරෝපයේ සිටින අයගේ Galaxy S4 දුරකථන සඳහා KitKat update එක නිකුත් වන ඇත.


Find 7 – coming soon
oppo-find-7-launch-event-645x483

චීන ජංගම දුරකථන නිෂ්පාදන ආයතනයක් වන Oppo හි නවතම දුරකථනය වන Oppo Find 7 නිකුත් වීම මාර්තු 19 දින සිදුවන බව ප්‍රකාශයට පත් වුනා. අති පැහැදිලි 50Mp කැමරාවක් හා QHD තිරයක් සහිත පෙරළිකාර ජංගම දුරකතනයක් ලෙස මත පලවන Oppo Find 7 දුරකථනය මීට පෙර නිකුත් වූ Oppo N1 මෙන්ම අතිශය ජනප්‍රියත්වයක් උසුලනු ඇති බව මත පළවේ.


Got Milk?

samsung-milk-music

iTunes හා Google Play Music වැනි සංගීත බෙදාහැරීමේ සේවා සඳහා තරඟයක් ලබා දීමට සැම්සුන්ග් සමාගම විසින් Samsung Milk නමින් සේවාවක් හඳුන්වා දුන්නා. අනෙක් සේවා මෙන්ම දැනට මෙම සේවාව ඇමරිකාවට පමණක් වලංගු වන නමුත් නිදුරේදීම ආසියානු රටවල් සඳහාද නිකුත් කිරීමට කටයුතු යොදන බව සැම්සුන් ප්‍රකාශකයෙකු පවසා සිටියා.

 

Leave a Reply