බස් රථ රියදුරා මියගියේ උල්කාපාතයක් නිසාද?

0
5094

කඩා වැටුණු ආකාශ වස්තුවක් නිසා ඉන්දියාවේ බස් රථ රියදුරෙකු මරණයට පත්ව තිබෙනවා. ඉන්දියානු බලධාරීන් පවසන්නේ මේ ආකාශ වස්තුව උල්කාපාතයක් බවයි. මෙය විද්‍යාණුකුලව ඔප්පු වුවහොත් වාර්තාගත ඉතිහාසයේ මෙවැන්නක් නිසා සිදු වූ ප්‍රථම පුද්ගල මරණය වනවා.

නමුත් විවිධ පාර්ශව විවිධ අදහස් පලකරනවා. මෙය සිදු වී ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පසුගිය සෙනසුරාදා දිනයේදීයි.

මෙසේ කඩා වැටුණු වස්තුව කරණ කොටගෙන භුමියේ විශාල අවාටයක් ඇති වී තිබෙන අතර අවට ගොඩනැගිලි වල ජනේල ආදිය විනාශ වී තිබෙනවා. මෙසේ මිය ගිය පුද්ගලයා මේ අවස්ථාවේ මේ ස්ථානය පසු කරමින් ඇවිද යමින් සිට තිබෙනවා.

තමිල්නාඩු මහා ඇමැති ජයලලිතා ජයරාම් මෙය උල්කාපාතයක් බව ප්‍රකාශ කර තිබෙනවා. නමුත් විද්‍යාඥයයන් පවසන්නේ එය තවමත් තහවුරු වී නැති බවයි. ඉන්දියාවේ පුද්ගලික ඉංජිනේරු විද්‍යාල භූමියකටයි(Bharathidasan Engineering College) මේ වස්තුව කඩා වැටී තිබෙන්නේ. අනතුරෙන් මිය ගොස් ඇත්තේ විද්‍යාල බස් රථ රියැදුරයි. මේ අනතුරෙන් තවත් තිදෙනෙකුට තුවාල සිදු වී තිබෙනවා.

විවිධ මාධ්‍යය මෙය වාර්තා කර තිබුනේ මෙලෙසින්,

https://www.youtube.com/watch?v=_amBNCEs4N0